රත්තරන් හොරු මදිවට හරක් හොරුත් දැන් මීගමුවේ

0
156

cowමීගමුව දැන් පුවත් මවන්නේ හරියට පතාල නගරයක බිය රට පුරා පතුරවමිනි.ආරක්ෂක අංශ විසින් අනේකවිධ ආරක්ෂිත උපක්‍රම මුදාහැරියද සොරුන් බිය වැද්දිමට ඒ කිසිසේත්ම ප්‍රමාණවත් ව නැත.
නගරයේ ආරක්ෂාව පතා විශේෂ රථ 2 කක් රාත්‍රි 10 තෙක් මුර සංවාරයන් හි නිරතය.
එහෙත් ඊයේ රාත්‍රියේදි සොෆ්ට්ලොජික් ආයතනය කොල්ල කා ලැප්ටොප් පරිගනක ඇතුළු තවත් වටිනා දැ කොල්ල කා තිබෙන බැව් සැලය.
රන්ආභරණ සහ විදේශ මුදල් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වු මංකොල්ල කෑම් අතර දැන් තවත් හොරුන් පිරිසක් බිහිවි ඇති සෙයකි.
ඒ හරක් හොරුන්ය.
අප්‍රෙල් 15 වනදා මහදහවලේ මීගමුවේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල බැද තිබුන ගැබ්බරව සිටි එළදෙනක්  කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුනේ වාහනයකිනි.ඒ දිනවල ම කටුනායක ප්‍රදේශයේද මෙවැනිම සොරකමක් සිදුව තිබුණි.
මෙසේ සිදුවෙමින් පැවැති හරක් හොරකම් දැන් රටටම පෙන්වා දෙන්නට මාධ්‍ය විසින් පවා මුලිකත්වය ගෙන තිබුනේ තත්වය ඒ තරම්ම බරපතල බැවිනි.
විශේෂයෙන්ම ඇමති නිමල් ලංසාගේ අඩවිය වු දළුපත ප්‍රදේශයේ මෙසේ හරක් හොරුන් වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිවලට අවස්ථා ගණනාවකදිම දැනුම් දි තිබුණද ඉන් ලද කිසිදු ප්‍රථිපලයක් නැතැයි ඔවුහු රටටම ඇහෙන්නට දැන් කියා හමාරය.
මේ අනුව මීගමුව පොලිසිය අධිකාරි කොට්ටාශය  හරක් හොරෙක්වත් අල්ලගන්නට තරම් තත්වයක් නැති ගානට දැන් වැටි ඇති සෙයකි.
මීගමුව පුරා ක්‍රියාත්මක වු මත්කුඩු සහ මත්පෙති ජාවාරම් පසුගිය කාලය තුල ඇල්ලිමට ක්‍රියාකළ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විය.
එවන් කාර්ය ශුර නිලධාරින්ගේ සහය දැන් මීගමුට අන්කවරදාකටත් වඩා අවැසිව තිබේ.