රද්දොළුගම, යාච්ඤාා මෙහෙයකට සහභාගී වු පිරිසගෙන් 12 දෙනෙකුට කොරෝනා ….

0
129

1595855439-Corona_Positive_Lරද්දොළුගම, පැවති යාච්ඤාා  මෙහෙයකට සහභාගී වු පිරිසගෙන් 12 දෙනෙකු මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ පසුගිය 12 වන දින සිදුකරනු ලැබූ බව රද්දොළුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක සුනෙත් රණවීර මහතා පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇතැයි  අද දෙරණ වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට තිබුණි

“දැනට 12 දෙනෙක් විතර පොසිටිව් වෙලා අපි ඒ පිරිස රෝහල් ගත කරලා තියෙනවා. මේ වෙද්දි ඒ ගෙවල්වල අනෙක් පිරිස නිරෝධායනය වෙමින් සිටිනවා. ඒ අයව ඉදිරියේ දී අපි පීසීආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පොසිටිව් වු පිරිසෙන් සිව් දෙනෙක් රද්දොළුගම ස්කීම් එකේ ඉන්නවා. ඉතුරු පිරිස ගල්ලවත්ත, මුතුවාඩියපාර යන ප්‍රදේශවල. නිවස සංකීර්ණයේ පවුල් දෙකක් සිව් දෙනෙක් ඉන්නවා.“ යනුවෙන් ද පැවසීය.

මේ අතර, ආසාදිතයින්ගේ සමීපතමින් සොයා පරීක්ෂණ සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here