රන්ජන් මැති සබයට සුදුසුද?

0
94

රන්ජන් රාමනායක ගැන මෙසේ කීමට හේතු සඳහන් කිරීමට ප්‍රථම සඳහන් කල යුතු කරුනු කීපයක් ඇත.මා ඔහු පෞද්ගලිකව හඳුනමි.ඔහු අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින විට මා ලංකාවට ගිය මොහොතක ඔහු බැලීමට යාම සඳහා අවස්ථාව ක් ලබා ගැනීමට ,ඔහුගේ පුද්ගලික වෛද්‍ය භාග්‍යා මොහොට්ටි හට කතා කර දැඩි උත්සාහය ක යෙදුනත් එය ව්‍යර්ථ විය.


ඊට පෙර රන්ජන් ඉතාලියට පැමිනි අවස්ථා දෙකකදීම ,කොලඹ ඉතාලි තානාපති කාර්‍යාලයෙන් ඔහුට වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය invitation letter දෙකකටම අත්සන් කර තිබුනේ මමයි.ඒ එවකට මා දේශපාලන පක්ෂය ක මිලානෝ ශාඛාවේ නිල ලේකම්වරයා වශයෙනි.
මිලානෝ හිදී අවස්ථා කීපයකදීම මම ඔහු සමඟින් රාත්‍රි භෝජන වලටද සහභාගි වී ඇත්තෙමි.


ඔහු සිරගත වීමට පෙර ඔහු කලාකරුවෙකු ලෙසින් පාර්ලිමේන්තු වට ඇතුලත් වූවත්,ඔහු මැදපෙරදිග කතුන් වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීම හා එකල පාර්ලිමේන්තු වේ සිටි දූෂණ චෝදනා වලට ලක්වූවන්ට සාපේක්ෂව ඔහු හොරෙක් නොවූ බැවින් අප ඔහුව අගය කලෙමු.

එහෙත් ඔහු හොරෙක් නොවූ පලියටම අන් සැමට හොරුන් ලෙස චෝදනා කිරීමට හෝ රටේ නීති කඩමින් ප්‍රසිද්ධියේ උසාවියට අපහාස කිරීමට අයිතියක් නැත.මෙය ලියන මමත් කියවන ඔබත් වැනි මිලියන සංඛ්‍යාත හොරුන් නොවන ජනතාවක් අප රටේ සිටිති.එහෙත් අපි එසේවූ පලියට අපට රටේ නීති කැඩීමට හැකියාවක් නොමැත.


එනමුත් රටේ දහසකුත් එකක් චෝදනා වලට ලක්වන දේශපාලකයින් නිදැල්ලේ සිටියදී රන්ජන් ට පමනක් දඬුවම් කිරීම ගැනත් එය දේශපාලන පලිගැනීමක් ලෙසින් සිදුවීමට එරෙහිවත් එදා අප හඬ නැගුවෙමු.
එහෙත් රන්ජන් පාර්ලිමේන්තු වට නුසුදුසු වන්නේ වෙනත් කරුනක් හේතුවෙනි.ඔහු රටවැසියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකල,ඒවා උල්ලංඝනය කල අයෙකි.

ඔහු සිරගත වනවාත් සමඟම කරලියට ආ හඬපට වලින් හෙලිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු හැටියට ඔහු විසින් ස්පර්ශ නොකල යුතු රාජ්‍ය නිලයන් රැසකට ඔහු කතා කර ඇති බවයි.තවද දුරකථනයේ සිටින්නාට හොර රහසේ ඔහු ඒවා පටිගත කොට ඇත.එය සම්පූර්ණයෙන් ම නීති විරෝධී කරුනකි.මෙහිදී රන්ජන් පවසන්නේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකම අමතන්නාගේ ඇමතුම් පටිගත වන බවයි.නමුත් ඒ සඳහා එම ආයතන විසින් අදාල නිල අවසරය ලබාගෙන ඇත.එපමණක් ද නොව ඇමතුම ආරම්භයේ දීම ,ඇමතුම පටිගත වන බව අමතන්නාට ස්වයංක්‍රීයව දැනුම් දීමක් කරනු ලැබේ.එවිට අමතන්නා ඊට අකමැති නම් දුරකතනය විසන්ධි කිරීමේ හැකියාව ඔහුට/ ඇයට තිබේ.
එහෙත් රන්ජන් අනුගමනය කර තිබුනේ අතීශයින්ම නීති විරෝධී ක්‍රියාවලියකි.

රන්ජන්ගේ වාසනාව ට ඔහු ඇමතුම් පටිගත කර තිබූ කිසිවෙක් රන්ජන් ට එරෙහිව නීති මගට හෝ මානව අයිතිවාසිකම් කඩවීමට එරෙහිව යුක්තිය ඉල්ලා සිටිනු දක්නට නොලැබුනි.එසේ වූවා නම් ඔහු තවමත් සිටිනු ඇත්තේ සිර කුටියකය.


එසේ හෙයින් ඔහුට උපතින්ම හිමිවී ඇති කුසලතාවයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් රංගනය හා ගායනය තුලින් ප්‍රේක්ෂක ජනතාව රසවත් කරන මෙන්ද ,මැතිවරණයට තරඟ කිරීමෙන් වලකින ලෙසද වසර ගනනාවක් පුරාවටම ජනප්‍රීය නලු සම්මනයෙන් පිදුම් ලබන රන්ජන් ගෙන් මා කාරුනිකව ඉල්ලා සිටිමි.එක දිගටම ගීත 10 ක් පමන පද රචනය නොබලමින් ගීත ගැයීමේ සහජ හැකියාවක් ද ඔහු සතුය.


අවසන් වශයෙන් කලාවට අනුරූපිව ඔහුට කරන ගෞරවයක් ලෙසින් පහත කරුනද සටහන් කරමි.
වරෙක මිලානෝ නගරයේ කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු කලාකරුවන් දෙපලගේ ප්‍රහසන ප්‍රසංගයක් පැවති අතර එදින වෙනත් කටයුත්තක් සඳහා ඉතාලියට පැමිනි රන්ජන්ව ඔහුගේ හිතවතුන් විසින් ගුවන් තොටුපලේ සිට මෙකී ප්‍රසංගය ට කැඳවාගෙන පැමිනි අතර,රන්ජන් ප්‍රේක්ෂකාගාරයේ අප සමඟින් එය නරඹමින් සිටින විට මඳ විරාමයකදී නිවේදක විසින් රන්ජන් ට වචන කීපයක් කතා කිරීමට ආරාධනා කලවිට,රන්ජන් කතා කරමින් කියා සිටියේ ,තමන් වසර ගණනාවක් පුරාවටම රටේ ජනප්‍රීයම නලුවා වූවත්,තාත්වික රංගනයෙන් කුමාර හා ගිහාන් සමඟ තමාට හැරෙන්නවත් බැරි බව ඔහු නිහතමානී ව,අවංකව,විශාල අත්පොලසන් හඬක් මැද ප්‍රකාශ කලේය.මෙයින්ද පෙන්නුම් කරන්නේ රන්ජන්ගේ කලාවට ඇති ගරුත්වය බැවින් ඔහුට සුදුසු ම තැන කලා ලොව යැයි මා විශ්වාස කරමි.


ස්තූතියි මා ඔබේ හිතවත් ලෙස්ලි ලෝව්.ඉතාලියේ මිලානෝ සිට .