පසුගියදා නුවරඑළියේ සංචාරක හෝටල් සූපවේදින් කණ්ඩායමක් විසින් ලෝකයේ දිගම කේක් ගෙඩිය සෑදීමේ වාර්තාවක් තැබීම සදහා අර්තාපල් කේක් ගෙඩියක් සාදන ලදී. මෙම කේක් ගෙඩියේ බර කිලෝ ග්රෑම් 380ක් වන අතර දිග මීටර් 111ක් වේ.
නිවාඩුවක් ගතකිරීම සදහා නුවරඑළියට ගොස් සිටි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූ අතර කඩුවකින් කේක් ගෙඩිය කැපීම ඔහු අතින් සිදුකරන ලදී.