රනිල්ට එරෙහිව කුමන්ත්‍රණ කළ 4 ක් මෙවර පුත්තලමෙන් පාර්ලිමේන්තුවට ?

0
97

පුත්තලමේ මන්ත්‍රිලා newඑජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විවිධ ක්‍රමන්ත්‍රණයන්හි නිරතවු දේශපාලකයන් 4 දෙනෙකු මෙවර පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව ඇත.
මේ ඇතමෙක් රනිල් වික්‍රමසිංහ මහතාවට එරෙහිව පොස්ටර් අලවා තිබුණි.එමෙන්ම බුද්ධික පතිරණ සහ එකල රනිල් විරෝධින් ලෙසින් කටයුතු කළ සජිත්වාදින් දිස්ත්‍රික්කයට වඩම්මවා රනිල් විරෝධි මතයක් පුත්තලම් දිස්ත්‍රික්කය පුරා පතුරුවා හළ අය වෙති.
තවත් අය රනිල්ට එරෙහිව මහින්ද රාජපක්ෂගේ කරට අතදාගත් අයයි..
ජාතියේ නායකයා සජිත් යැයි විශ්වාස අැතමුන් සජිත් ගේ උපන්දිනවලට සජිත් සමගින්  කේක් කැපුවේද ඒ අයගේ ම ගෙවල්වලදිය. කෙසේ වෙතත් දැන් සජිත් ජාතියේ නායකයා තබා හම්බන්තොටට වත් නායකයා විමට නොහැකි වි ඇති අයුරු ලැජ්ජාවෙන් වුව තේරුම් ගත යුතුව තිබේ.
මහින්දට එරෙහිව පුත්තලම් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාව පෙළගැසෙද්දී ඊට වළකැපූ දිස්ත්‍රික් නායකයෝද මේ  අතරය.
මහින්ද එලවනවාට වඩා සතිගණන් දිග එකක්වු හනිමුන් එක මේ අතැමෙකුට ප්‍රධාන වි තිබුණි.
මේ රටේ ව්‍යස්වස්ථාපිත එ්කාධිපතිත්වය ස්ථාපිත කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ  අයගෙන් අතැමෙක් සිටියේ මහින්දගේ චක් ගෝලයන් සමගින් චිනයේ සවාරි ගසමිනි.
මහින්ද එලවනවා වෙනුවට මහින්දගේ ගෝලයන් හා එක්ව මහජන මුදලින් තායිලන්තයේ ලදුන්ගේ සුන්දරත්වය සිය ඡන්දදායකයා හටද බෙදා දුන් මනමාලයන්ද මේ අතරය.
රනිල් වික්‍රමසිංහද සහභාගි වු මහින්දගේ මිනිමරු පොලිසිය විසින් ඝාතනය කළ ඇන්ටනිලා සමරන්නට සෙනග 5 ස් දෙනෙක් අරන් එන්නට තරම් උනන්දුවක් තමන්ට පාර්ලිමේන්තු යන්නට මනාප රැස්කරන්නට පමණක් දිස්ත්‍රික්කය පුරා කරක් ගැසු  නිදි වැරු සල්ලි විසි කළ මේ ගොබිලන්ට තිබුනේ නැත.
එපමණක් නොව සිරිකොතට ගල් ගැසිමට ආශිර්වාද කරමින් රනිල්වික්‍රමසිංහට එරෙහිව රටපුරා පැවති රැස්විම් වලට බස්වලින් සෙනග ඇද්ද අයද මේ අතරය.
එහෙත් දෛවයේ සරදම වන්නේ ඒ අයට දැන් රටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව  පිලිගැනිමට සිදුව තිබිමයි.
මේ කෙණහිලි කම් කේවට්ට කම් නොකරන්නට මහින්ද රාජපක්ෂගේ එකාධිපති රෙජිමය පෙරළා දමන්නේ මිටත් කලියෙනි.
සුදු ඇදගෙන ලබන සතියේ පාර්ලිමේන්තු යන මේ අයට කියන්නට ඇත්තේ ඔය සුදු අැදුම්වල කිසි දිනක සෝදා ඉවත් කළ නොහැකි කහට පැල්ලමක් ඇති බවය,
අප මේ සටහන තබනුයේ මේ අයව පිළිගන්නට කිරිබත් මේස පාරවල් ගානේ විවෘත කරන්නට නියමිත ජනයාගේද දැනගැනිම පිණිසය.
ෆයස් ප්‍රනාන්දු