රවි සහ නස්මියාර් මන්ත්‍රිලා රට ගියේ කාගේ සල්ලිවලින්ද ?

0
66

RAVI JEEWAමීගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රින් වන රවි ජිවානන්ද සහ නස්මියාර් යන මන්ත්‍රිවරුන්  පසුගිය දිනක ඉන්දියාවේ සංචාරයක් සදහා නික්ම ගියේය.
මන්ත්‍රිවරුන්ට එවන් සංචාර යාමට කිසිදු බාධාවක් නැත. එය පුවතක්ද විය යුතු නැත,එහෙත් අද මීගමුව තුල එය පුවතක් වි ඇත්තේ මේ රට සවාරිය සදහා මුදල් අනුග්‍රහය ලබා දි තිබුනේ කව්රුන් විසින්ද යන කරුණත් සමගින්ය.
මුළු මිගමුව විදුලි අලෝකයෙන් සැරසිම සදහා ලක්ෂ 38 ක් වැය කිරිමට නියමිතව තිබේ.
එය දැවැන්ත මුදලකි.
මේ ටෙන්ඩර ගණුදෙනුව පිටුපස වරදාන රැසක් නාගරික මන්ත්‍රිවරුන්ට ඇති බව මේ දිනවල නගර සභාවේ ප්‍රසිද්ධ රහසකි.
රවි සහ නස්මියාර් යනු පසුගිය කාලය තුල ඇමති නිමල් ලංසා හා ඉතා සමිපව කටයුතු කරන ලද එජාප මන්ත්‍රිවරුන් ලෙසින්ද ප්‍රසිද්ධව තිබුණි.
මෙ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් රවි ජිවානන්ද මන්ත්‍රිවරයා කියා සිටින්නේ තම ඥාති දියණියකගේ විවාහ උත්සවයක් සදහා සාරි මිලට ගැනිම සදහා ඉන්දියාවට ගිය බවය.
නස්මියාර් මන්ත්‍රිවරයා ගොස් සිටියේ ව්‍යාපාරික කටයුත්තකට බවය.
අපි ගියේ අපේ සල්ලිවලින් ටෙන්ඩර් කාරයන්ගේ සල්ලිවලින් ගියා නම් මට හෙනගහන්න ඕනේ යැයිද ඔහු කියා සිටියේය.
මේ අතර අප විමසා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 3 දෙනාගේ බැංකොක් සවාරියට මුදල් වියදම් කරන්නේ කව්දැයි කියාය.
එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඒ ගමනද පුද්ගලික සංචාරයක් බවත් එයට මුල්‍ය අනුග්‍රහය දයාන් ලංසා මන්ත්‍රිවරයා විසින් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.