රාජකාරි සඳහා බාධාවක් වී පවතින මීගමුව රෝහලේ පොලිස් ඒකකය

0
74

IMG-20190802-WA0019මීගමුව රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ කාමරයක හිරවී රාජකාරි කටයුතු කරමින් සිටි මීගමුව පොලිසියේ පොලිස් නිලධාරි මහත්වරුන්ට නව ස්ථානයක් නව ගොඩනැගිල්ලෙන් ලැබී ඇත. එය සතුටු දායක පුවතක් වන නමුත් එම ස්ථානයද පරණ ස්ථානය මෙන් රාජකාරි කටයුතු වලට බාධාවක් ලෙස පවතින බව මෙම ස්ථානයට රාජකාරි කටයුතු ඉටුකරගැනීමට පැමිණෙන පිරිස පවසති .විශේෂයෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී මරණ පරීක්ෂකවරුන්ද තම රාජකාරි කටයුතු සඳහා මෙම කුඩා කාමරයට පැමිණෙන හෙයින් තදබදයක් නිර්මාණය වන අතර පොලිස් නිලධාරි මහත්වරු පමණක් නොව පැමිණෙන පිරිසද අපහසුතාවට පත්වන බව මේ අය ප්‍රකාශ කරති .
මේ අනුව විශාල රාජකාරි ප්‍රමාණයක් ඉටුකරගැනීමට සිදුවන තත්වයන් මත නිසි ස්ථානයක් සකසා ගැනීමට මැදිහත් වන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු .