රාජපක්ෂ ආණ්ඩුව දණගස්සන 2 වන ධීවර අරගලය ?

0
93

107මීගමුව කලපුවට සි ප්ලේන් බැස්සවිම අරමුණු කොට ගත් දැවැන්ත ව්‍යපෘතියට එරෙහිව පාරට පැමිණි ධිවරයෝ සිය සටන අවසන් කලේ මෑත ඉතිහාසය තුල රාජපක්ෂ පාලනය පසු බස්සා ජනතා හඩ ඉස්මතු කළ සුවිශේෂි අත්දැකිමක් ලෙසය.
අවස්ථා ගණනාවකදි ධීවරයන් රැවටු රාජපක්ෂ පාලනයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ජුනි මස 16 වනදා යළිත් ආරම්භ කළ ධිවරයෝ මුහුදු යෑමෙන්ද වැලකි සිටියහ.මේ අනුව දැනට දින 3 ක් තිස්සේ කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ පොල වසා දමා ඇත.මේ නිසාම ආර්ථික  වශයෙන් පවුල් දහස් ගණනක් විවිධ දුෂ්කරතා වලට මුහුණ දි සිටිති.
එහෙත් තවදුරටත් ධිවරයන්ව රැවටිමට මේ ආණ්ඩුවට ඉඩනොදෙන්නේ යැයි දැඩි තින්දුව සිටින ධිවර ජනයා සිය ඉල්ලිම් ලැබෙන තුරු මුහුදු නොගොස් දිගටම අරගලයේ යෙදිමට  තිරණය කර ඇත.
මේ සදහා දැනටමත් පල්ලියේ සහයද ලැබෙන්නට පටන් ගෙන තිබේ.ධිවරයන්ගේ ප්‍රබලතම ඉල්ලිම වන්නේ රජයත් සමඟින් සමිප සබඳතා පවත්වනු ලබන කාර්දිනල් වරයා වහාම ජනපති හමුවි මෙය විසදා ලිය යුතු බවය.
එහෙත් පසුගිය ධිවර අරගලයන් බොහොමයකදි පල්ලිය විසින් තිරාණාත්මක ලෙසින් මෙම සටහන් දියාරු කිරිම සදහා විවිධ එකඟතා වලට ගොස් තිබේ.
ධීවරයන් දෙදෙනෙකුට මරු කැදවු 2012 අරගලය අවසාන වශයෙන් දියාරු කරනු ලැබුවේද පල්ලිය විසින්මය.
මේ තත්වය හමුවේ මෙවර වෙනස් තත්වයක් කරා මේ සටන මෙහෙයවිමට දැනට මෙයට නායකත්වය දෙනු ලබන අයට හැකිවේද ???
pics by -M.Z.shahajan