රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ඩම් තියරිය කදිරගාමර්ටත් ?

0
82
වෙරළ සමිපයේ ඉදිවෙමින් ඇති හෝටලයක් ...

හමුදාව විසින් නිත්‍යාණුකූල නොවන ආකාරයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනිම අද ඒ ප්‍රදේශවල මතුව ඇති ප්‍රධානතම ප්‍රශ්ණයයි.
මෙසේ පවරාගනු ලබන ඉඩම් වල ගොවිපල වල් තැනිමත් සිය සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමටත් මේ වන විට කටයුතු සැලසුම්කරගෙන යමින් සිටිති.
ඉඩම් අයිතිකරුවන්ගේ තරාතිරම නොබලාම ඔවුන් මේ අත්පත් කිරිම් වල යෙදෙන අයුරු ගැන කියන්නට ඇති හොදම උදාහරණය වන්නේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ පුත්‍රයෙකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති පැමිණිල්ලයි.
මෙහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් අමාත්‍යවරයා හා යාපනය දිස්ත්‍රික් ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරියා විසින් නීතියට පරිබාහිරව නිකුත් කරන ලද දැන්වීමකට අනුව ඔවුන්ට අයත් පාරම්පරික දේපලක් වන යාපනය දිස්ත්‍රික්කයේ මාවිද්ද පුරපි ප්‍රදේශයේ පිහිටි අල්වර් මලෛෂියස් ඉඩම ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ කටයුතු කරමින් යන බවයි.

පෙත්සම්කරු තවදුරටත් තම පැමිණිල්ලේ කියා සිටින්නේ අදාළ වගඋත්තර අධිකාරිය ඉඩම් අත්පත් කරගැනීමේ පනත මාර්ගෝපදේශයන් අනුව අදාළ අත්පත් කරගැනීමෙන් තොරව අදාළ නීත්‍යනුකූල මහජන කටයුත්තක් කරගත නොහැකි බව පෙන්වා දීමට අපෝසත්ව ඇතිබවයි.

පෙත්සම්කරුවන් කොළඹ 5 පූර්වාරාම පාරේ පදිංචි ජෙබාරත්නම් ක්‍රිස්ටියන් කදිරගාමර් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අතුරු සහනයක් ලෙස අදාළ  නිලධාරින් අදාළ දේපල අත්පත් කරගැනීම සඳහා තවදුරටත් ගනු ලබන පියවරයන් වළක්වන ලෙසයි. පෙත්සම්කරු තවදුරටත් ඉල්ලා සිටිනු ලබන්නේ අදාළ ක්‍රියාවලිය සඳහා ප්‍රසිද්ධ කරන ලද දැන්වීම් නිෂ්ප්‍රභා කරන ලෙසයි.

වෙරළ සමිපයේ ඉදිවෙමින් ඇති හෝටලයක් ...