රාජපක්ෂ උද්‍යානයේ ගස්කැපිලි ටෙන්ඩරයෙනුත් ගසා කාපු අය කව්ද ?

0
62
KJKJM

රාජපක්ෂ උද්‍යානයේ ගස් කිපයක් කැපිම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදි , ඉදිරිපත්ව තිබු අඩු මිළ ටෙන්ඩරය,පසෙකලා,වැඩි ටෙන්ඩරයට ඒ වගකිම භාර දි ඇතැයි බරපතල චෝදනාවක් මේ වන විට එල්ලවි තිබේ.

එපමණක් නොව අදාල ටෙන්ඩර්කරු කපා ඉවත් කළ ගස් මිගමුව මහනගර සභාව වෙතට ප්‍රවාහණය කිරිම සදහා යොදාගෙන ඇත්තේද නගර සභාවේම වාහන බවද කියැවේ.

මේ සඳහාද විශාල මුදලක් අදාල ටෙන්ඩර්කරු ලබාගෙන ඇතැයිද බරපතල චෝදනාවකි..

වෙනත් අයෙකු අඩුගණන් ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබියදි ලංසා පවුලේ කෝකටත් තෛලය බදුවු ටෙන්ඩර් ගජයා වෙත මෙම ටෙන්ඩරයද භාර දි තිබුන බවද සැලය.

මේ දුෂිත ගණුදෙනුවට සම්බන්ධ ඉහලෙ පෙලේ නිලධාරින් පිලිබඳව දැනටමත් වගකිව යුතු තැන්වල අවධානය යොමුව ඇතිබව වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා සිටි.

මෙම දුෂිත ගණුදෙනුව සිදුව ඇත්තේද ජනාධිපතිවරණයට පෙර ඊට ආසන්න ම දිනයකදි බවද සැලය