රාජපක්ෂ උද්‍යානයට යටකරන ලක්ෂ 50, ට වගකියන්නේ කව්ද??

0
62

2012 අගොස්තු මස මහසභාවේ විසින් ගනු ලැබු රාජපක්ෂ පාක් එක පිළිබද තීරණයට  එරෙහිව යමින් පාක් එකේ සංවර්ධන කටයුතු  සදහා නිති විරෝධි ලෙසින් ටෙන්ඩරයක් කැදවමින් සුමනසේකර නම් වු සමාගමකට දැන් එහි ඉදිකිරිම් කටයුතු පවරා ඇත.

මේ  අනුව ක්‍රියාත්මකව ඇති සමාගමට මෙතෙක් කරන ලද වියදම් වෙනුවෙන් මුදල් ගෙවිමට දැන් සිදුව තිබේ.වාර්ථා වු අන්දමට බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ පාක් එක සංවර්ධනය කිරිමට නියමිතය.

එහෙත් ඒ වෙනුවෙන් තවමත් කිසිදු මුදලක් නොලැබුන තත්වයක් යටතේ සුමනසේකර කොන්ත්‍රාත් සමාගමට ලක්ෂ 50 ක් ගෙවන්නට සිදුව ඇත්තේ නගර සභාවේ මුදල් වලනි.

දේශපාලකයන්ගේ තකතීරු සැලැසුම් නිසා දැනටමත් රැපියල් මිලියන  ගණනක පාඩුවක්  රාජපක්ෂ පාක් එකේ ගණුදෙනු වෙනුවෙන් විද ඇති මීගමුව මහනගර සභාව යළිත් දෙන්නම් කාසි ගණුදෙනුවකට ගොස් ඇත.

යම් කිසි හෙයකින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන නොලැබුන හොත් එය පියවා ලන්නේ   කෝටි ගණනක් වැය කර තනා ඇති නගරාධිපතිතුමාගේ නව නිවස විකුණා ලැබෙන මුදලින්ද..?