රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුව අබලන් .එහි ඇවිදින ජනයාගෙන් චෝදනා ?

0
391

ඇවිදින මංතිරුව 1මෑතකදි විවෘත  කළ රාජපක්ෂ උද්‍යානයේ   ජනතාවට ව්‍යායාම කිරීමට සහ ඇවිදීමට මංතීරු තනා තිබේ.
මේ වන විට පොදු ජනතාව එහි ව්‍යායාම කටයුතු වල නියැලෙන අතර ඇවිදිම සදහා දිනපතාම  උද්‍යානයට පැමිණිමටද  පටන් ගෙන තිබේ.එහෙත් අප විසින් හෙළිකර සිටියේ
මහජනයා සදහා උද්‍යානය විවෘතවි  දින10ක් වත් ඉක්මවා යන්නටත් මත්තෙන් එහි ඇවිදින මංතිරු ගිලා ඇති බවය.
මේ තත්ත්වය මත වඩා ආරක්ෂිතව එහි ඇවිදීමට හෝ දිවීමට   සුදුසු තත්ත්වයක් මෙම මංතීරු තුළ නොමැති බවක් පෙනෙන්නට තිබේ.
වාර්ෂිකව මුදල් ගෙවා මෙහි ඇවිදිම සදහා පැමිණෙන අය විසින් මීපුර වෙබ් අඩවියට කියා සිටියේ මෙම ඇවිදින මංතිරුවේ ඇති අපිළිවෙල නිසා තමන් විසින් භාවිතා කරනු ලබන සපත්තු පවා සිතාගත නොහැකි අන්දමින් ගෙවි ගොස් ඇති බවය.
එපමණක්ද නොව ඇතැම් අය කියා සිටින්නේ තමන්ගේ පාදයන්හි ආබාධයන් පවා ඇතිව තිබෙන බවය.එපමණක්ද නොව ඇතැම් අවස්ථාවන්හිදි මේ හරහා වාහන පවා ධාවනය කෙරෙන බවටද චෝදනා තිබේ.
අප මීට පෙර අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කළ පරිද්දෙන් මීගමුවේ නගර පාලනයට අදාලව සියළු කටයුතු දේශපාලකයන්ගේ හෙංචයින්ගේ අත්වලට පත්ව ඇති නිසා ඒවායේ ප්‍රමිතිය ඇත්තෙන්ම ගැටළු සහගත වි තිබේ.
මෙම මංතීරු  සැකසිම හෝ එහි අධික්ෂණය හරියාකාරව සිදුකර නොමැති අතර නගරාධිපතිවරයාගේ අවධානයට මෙය යොමුවිය යුතුය.කෙසේ වෙතත් නිමල් ලංසාගේ වැරදි නිසා වසර 6 ක් තිස්සේ වසා තිබු රාජපක්ෂ උද්‍යානය මේ ආකාරයෙන් හෝ මහජනතාවගේ පොදු පරිහරණය සදහා විවෘත වී තිබීම සතුටට කරුණක් බවය.ඇවිදින තිරුව 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here