රාජපක්ෂ පාක් එකේ ඉඩමෙන් කොටසක් පුද්ගලික පාරකට ????

0
86

රාජපක්ෂ මුදළිදු

රාජපක්ෂ  උද්‍යානය යනු මීගමුව ජනතාවට ඇති ආදරය වෙනුවනේ පුජා කළ බිමකි. එය කිසිදු මුදල් අය කිරිමක් නොකළ යුතු බවටද එදා එය පරිත්‍යාග කරන ලද අවස්ථාවේදි රාජපක්ෂ මුදළිදු විසින් නිති පනවා තිබුණි.එතැන් පටන් දශක පහකට ආසන්න කලායක් මීගමුව පාලනය කළ කිසිදු පාලකයෙක් මේ උද්‍යානයට අදාලව මේ කොන්දේසිය කඩ කළේ නැත.
එහෙත් මීගමුව පාලනය කිරිමට ලංසා පාලනය මුල් විමත් සමගින්  රාජපක්ෂ මුදලිදුගේ ඒ උතුම් ඉල්ලිම පවා නොතකමින් උද්‍යානය තමන්ට රිසි සේ මුදල් උපයා ගැනිම වෙනුවෙන් යොදාගත් ඉඩමක් බවට පත්විය.
මේ මෙහෙයුමේ අලුත්ම පුවත ලෙසින් වාර්ථා වන්නේ රාජපක්ෂ උද්‍යානයේ දකුණු පසින් වු පුද්ගලික පාරක් තවත් පළල් කරගැනිමට මේ භුමියෙන් ඉඩ ලබාදි තිබිමය.
තමන්ගේ පුද්ගලික බුදලයෙන් ජනතාවට කැප කළ මේ ඉඩම අද පාලනය කරන්නේ ලංසා පාලනයේ පුද්ගලික බුදලයක් ලෙසිනි.