රාජපක්ෂ පාක් එකේ දේශපාලනය

0
279

1922 මුල්ම නගර සභාවේ සභාපතිවරයා වෙච්ච රාජපක්ෂ මුදලිදු තුමන් සිය පරිත්‍යාගයක් හැටියට මීගමුව ජනතාවට ලබාදුන්න අක්කර 7ක මල් උයන රාජපක්ෂ උද්‍යායනය 2006 දි එවකට නගරාධිපතිව සිටි ඇන්ටනි නිමල් ලංසා මහතා විසින් මුල් ඔප්පුව වෙනුවට ප්‍රකාශන ඔප්පුවක් හදාගෙන අවුරුදු 30 කට සමාගමකට බදු දෙනවා.

පස්සේ තමයි දැනගන්නේ මේ බදු ගත්ත සමාගමට හරි හමන් ලිපියනයක් වත් නෑ කියල.එහෙව් සමාගමකට අවුරුදු 30 ක ට අක්කර 7 ක් දෙන්ෙන ඒ සදහා  ඇතිකරගත්ත බදුගිවිසුමේ මූලිකම කොන්දේසියක් වෙච්ච බැංකු ඇපකරයක් වත නැතුවයි.

අපි කියමුකෝ දේශපාලකයෝ කියන්නේ කපටියෝ කියල.උන් බලන්නේම තමන්ගේ ගේම ගහන්න කියල. එතකොට මීගමුව මහනගර සභාවේ ඉන්න පරිපාලන නිලධාරියෝ කියන්නේ කව්ද 8 ට පාස් නැති බබ්බුද…???

ගණාකාධිකාරි ඉන්නව.නිති නිළධාරියා ඇයි කොමසාරිස්????

මහජන මුදලින් පඩි ගන්න මේ ඔක්කොම ඉන්න කොට තමයි රාජපක්ෂ පාක් එකට මෙහෙම වෙන්නේ .

ඇයි මෙහෙම වෙන්නේ.

අපි හිතන්නේ මීගමුවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂය තමයි ලංසා පාලනය . ඒ තැනට එන්න පාර කැපුවේ ආන්නද මුණ සිංහ.මීගමුවේ පාදඩ  දේශපාලනයේ බාප්පා තමයි එයා. එයාගේ හෙවනේ හැදුන පුතාලට තමයි නගරය පස්සේ භාර වෙන්නේ.

අපි මේ තත්වය ගැන නිවරදි විග්‍රයක් කරගන්න වෙන්නේ නිමල් ලංසා නම් වු තරුණ ක්‍රියාශිලි දේශපාලකයාගේ පුද්ගලික වැරදි හරි කුණු ඇදගන්න නෙමෙයි.අපිට කිසිම පුද්ගලික ආරෝවක් නෑ එයා එක්ක.නමුත් අද මීගමුවට මොකද වෙමින් තියෙන්නේ කියන ගැන හරියටම දැනගන්න පුළුවන්ම  තියෙන කථා වස්තුව තියෙන්නේ රාජපක්ෂ පාක් ගණුදෙනුව අැතුලේ .හරියටම පත අට එකට හින්දුව වගේ නිලධාරින්ගේ ෙග්ම් සහ අමනකමුයි දේශපාලකයන්ගේ අවස්ථාවාදි කපටිකම් එහෙම පිටින්ටම මේ ගණුෙදනුව ඇතුලේ තියෙනවා.

අද ලංකාවේ දේශපාලනය පත්වෙලා  තියෙන තැන හරියටම තේරැම්ගන්නත් මේවා උදව් වෙනවා.

ලංකාවේම දේශපාලනය අද මැලමුලනින් පාලනය වෙනකොට මීගමුව පාලනය වෙන්නේ වැල්ලවිදියෙන්  ඒ කියන්නේ ලංසා පවුලෙන්. ඒක තමයි පට්ට ඇත්ත.සරත් ගුණරත්න සංවිධායකවරයා වුනත් එයා අද යල්පැන ගිය භාණ්ඩයක් වගේ .පරණ ශ්‍රි ලංකා කාරයන්ට මේ ගේම් ඇතුලේ හැරෙන්නවත් බෑ. සරත් ගුණරත්න ඇමතිවරයා මේක දැන් හොදටම තෙරැම් අරන් ඇති.

අද ආණ්ඩුවේ ගේම අදින්නේ පරණ ශ්‍රි ලංකා කාරයෝද නෑ. මීගමුවේත් එහෙමයි . යු.ඇන්.පි එකෙන් බල්ටි ගහපු පවුල්වල උදවිය.

එහෙම වුණාම වෙන්න නියමිත දේවල් ඔක්කොම දැන් මීගමුවේ වෙමින් තියෙනවා.

දැන් බලන්න රාජපක්ෂ උ ද ්‍යානය හොර ඔප්පු හදල බදු දෙනව.ගිවිසුම් අත්සන් කරපු නරගාධිපතිම ගිවිසුම් කඩල තවත් අයට බදු දෙන්න අවසර දෙනව.

මේ කෙම හින්ද පාක් එක වැහෙනවා විතරක් නෙමෙයි කෝටි ගණනක පාඩුවක් වෙනවා. මේව නගරයෙ සංවර්ධනයට තියෙන මුදල්.මීගමුව ලංකාවේම ඩෙංගු වැඩිම නගරය කියල වතමන් ආණ්ඩුෙවම සෞඛ්‍ය ඇමැතිවරයාටම කියන්න වෙනවා . ඇයි

ඒ නගරයේ සේවා තත්වයෙන් වැඩි කරන්න තියෙන් සල්ලි මේ විදයට පිල්ලි යනවා.ඉතින් කොහොමද ඩෙංගු පාලනය කරන්නේ . අය වෙන්න තියෙන සල්ලි ඉල්ලල සමාගම් වලට නඩු දැම්මම ඒ අයත් පෙරලා නගර සභාවට ච ැලෙන්ජ් කරනවා. නිකම් නෙමෙයි ජනාධිපති නිතිඥ විෙජ්දාස රාජපක්ෂ හරහා.කලා වරෙල්ලකෝ.

නගර සභාවේ සමහර මැට්ටන් ගේ උපදෙස් අනුව මීගමුව මහනගර සභාව උසාවියට කියල තියෙන්නේ පි.ජි මාටින්ල හොරෙන් ඇවිල්ලලූ පාක් එකේ ළමා උද ්‍යානය දාල තියෙන්නේ

එහෙම කියපු ගමන් පි.ජි මාටින්ල උසාවියට දුන්නලු  නිමල් ලංසා ඇමතිවරයා ඇවිත් අර ඕකිඩ් මල් මාල දාගෙන ඩයිනෝ පාක් එක විවෘත කරන පින්තූර එවගේම විඩියෝ එක.

මහ නගර සභාවට වුනේ හරියට අර ගල උඩ කැතකරපු බලලට වෙච්ච වැඩේ .දැන් කොහොමද වහගන්නේ.බඩු මාට්ටු .අන්තිමට මොකද වුනේ නිතිය ඉස්සර ච ැලෙන්ජ් කිරිල්ල පැත්තට තීයල අනික් තැන්වල වගේම ඩීල් එකකට ගිහින් අර බඩු අරන් යන්න කියල පී.ජී මාටින්ලට ඉඩ දුන්නා.

මේ කචල් ඔක්කොම හින්ද 2012   අගොස්තු සභාවේ තින්දුවක් ගන්නවා මේ ආරවුල් ඉවර වෙනකම් කිසිදු සංවර්ධන කටයුත්තකට පාක් එකේ අතනොගැසිය යුුතුයි කියල.එකමතිවකව සභා සම්මත වෙනවා.

එහෙම තියෙද්දිම පාක් එකේ සංවර්ධ කටයුතු ආයෙමත් පටන් ගන්නවා.සමාගමකට ටෙන්ඩර් දෙනව ගස් කපනව.දැන් අපි අහන්නේ මේ සභාවේ නිලධාරින් බුදිද නැතිනම් බයද මහ සභා තින්දුවක් තියෙද්දි කොහොමද ටෙන්ඩර් කැදවල තින්දු ගන්නේ.

මේ ඔක්කොම නිති විරෝධි වැඩ ටික වුණාට පස්සේ ලක්ෂ 50ක මුදලක් ඒ  සුමනසේකර කියන කොන්ත්‍රාත් සමාගමට දෙන්න කියල  2012 නොවැ 06 වෙනිදා මහසභාවට සේපාල මොරවක මන්ත්‍රිවරයා ගේනවා.

මීගමුවට මොකද වේගන යන්නේ කියල තේරුම් ගන්න තියෙන හොදම උදාහරණය තමයි මේ රාජපක්ෂ පාක් එකේ අර්බුදය.

අපට අද නමට විතරක් මහ නගර සභාවක් තියෙනවා මුළු මීගමුව පාලනය වෙන්නේ වෙන තැනකින් .

විපක්ෂයක් කියල දේකුත් ඇත්තටම නෑ.දුවගේ ගේ හදාගන්න සිමෙන්නි ගන්නයි දුවරු බන්දල දෙන්න සල්ලි ගන්නයි තවත් බිස්නස් කරගන්න මන්ත්‍රිවරු තමයි එකේ ඉන්නේ .අද ඇත්තටම විපක්ෂය කියන්නේ නමට විතරයි.මේක අපි විතරක් නෙමෙයි මීගමුවේ එජාප ආසන සංවිධායක තුමත් පිළිගන්නවා ඇති.

අවුරුදු 05 ක ට පස්සේ මේක තමයි මීගමුවේ ශේෂ පත්‍රය.

විපක්ෂයකුත් නැති දේශපාලකයන්ට භය අවස්ථා වාදි නිලධාරින් පිරිසක් ඉන්නකොට මොනවද නොවෙන්න පුලූවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here