රාජපක්ෂ පාක් එකේ ”බොරළු” ගැහිල්ල…?

0
106

මීගමුව මහනගර සභාව සදහා වාර්ෂිකව අනුමත කරගන්නා ලද බොරළු සැපයුම්කරුවෙක් සිටි. එසේ සිටියදි ඉහලින් ලද නියෝගයකට අනුව මීගමුව රාජපපක්ෂ උද්‍යානයේ සංවර්ධන කටයුතු සදහා  බොරළු ඇදිම භාර දි ඇති  මීගමුව දේශපාලන අධිකාරියට ඉතා කට්ටු සම්බන්ධයක් ඇති සමන්ත නැමැත්තෙකු හටය.මේ කලාපය භාරව සිටින තාක්ෂණික නිළධාරියා වන්නේද දේශපාලන අධිකාරියේම සුවච කිකරු  ගෝලයෙකු හටය. කිසියම් ආයතනයක් විසින් වසරේ දූෂිතම  නිළධාරියා තේරිමේ තරඟයක් පැවැත්වුව හොත් එහි මුල් තැන නිතැතින්ම හිමි වන්නේ මේ නිළධාරියා හටය.
පාක් එකේ බොරළු පිරවිල්ලේදි අවශ්‍ය ප්‍රමාණයට වඩා බොරළු ලෝඩ් 80 කට වැඩි ප්‍රමාණයක් ගෙන ආ බව  සදහන් කරමින් එයටද මුදල් ලබාගැනිම සදහා මේ බොරළු සැපයුම් කරු වාසනාවන්ත යි තිබේ.
රන්මුතු නැමැති තාක්ෂණික නිළධාරියාගේ පුර්ණ රැකවරණයද මේ සැපයුම්කරු හට ලැබි ඇත.