රාජපක්ෂ මිනිස්සුන්ට නිකන් දෙන්න කියපු දේ මීගමුවේ දේශපාලකයන් සල්ලිවලට විකුණයි ?

0
276

Prk 1මීගමුව අතිශය ජනාකිර්ණ වෙමින් තිබේ.එහි ජිවත්වන ජනයා හට ඇත්තේ ඉතා කුඩා ඉඩක පිහිටි නිවාසය.දරුවන්ට නිදහසේ දුවපැන ඇවිදින්නට හෝ වැඩිහිටියන්ට නිදහසේ හුලං වැදි වැදි ඉස්පාසුවක් ගන්නට එවායේ ඉඩක් නැත්තේමය.
මේනිසාම මීගමුවේ ජනයාට විවේකය ගත කිරිම සදහා උද්‍යාන යනු අතිශය වැදගත් තැනකි.
එහෙත් සංස්කෘතික ජිවිතයක් නැති බහුතරයක් දේශපාලකයන් සිටින මීගමුව වැනි නගරයකදි එහි බදුගෙවන ජනයාට අත්වන්නේ දරුණු ඉරණමකි.
ඇමති නිමල් ලංසා සිය පියාට මුදල් හම්බකිරිම සදහා වෙරළ උද්‍යානය එහෙම පිටින්ම යොදාගෙනය.
රාජපක්ෂ උද්‍යානයද එසේ වෙනත් අයට මුදල් හම්බකරගන්නට භාර දෙන්නට සැලසුම් කර තිබුණද එය අසාර්ථක වුයේ නිමල් ලංසාගේ අපිළිවෙල සංවර්ධන උපාමං වල මරමස්ථානය රාජපක්ෂ පාක් එක යැයි මීගමුවේ ම නමක් තබමිනි.
රාජපක්ෂ උද්‍යානය මීගමුව මහනගර සභාව වෙත දෙමින් පැනවු එක් කොන්දේසියක් විය.එනම් කිසි ලෙසකින් වත් එහි සේවාව වෙනුවෙන් ජනතාවගෙන් මුදල් අය නොකළ යුතු බවය.එය සදහන් ඔප්පුව නිමල් ලංසා ප්‍රමුඛ මන්ත්‍රි මණ්ඩලය විසින් විනාශ කරදමමින් රජාපක්ෂ මුදලිට පස්ස පැත්ත හැරෙව්වා සේම මීගමුව මහනගර සභවේ ජයවීර පාලනය විසින්ද ලංසාගේ ක්‍රමයම අනුගමනය කරන්නට පටන් ගෙනය.
එනම් උද්‍යානයට ඇතුළු වන වැඩිහිටිෙයකුගෙන් රු 50 ක්ද කුඩා ළමුන්ගෙන් රු 20 ක්ද අය කිරිමට ඉදිරියේදි නියමිතය.
පසුගිය දිනවල මේ උද්‍යානය ජනයා වෙත නොමිලේම විවෘතව පැවතුණි.
මේ නිසාම දිනපතා විශාල ජනතාවක් මෙහි ඇදි ආවේය.ඉනුත් බහුතරයක් දෙනා මුස්ලිම් ප්‍රජාවට අයත්වෙති.
අප දන්නා තරමින මෙවන් උද්‍යාන සදහා මෙසේ මුදල් අයකරන්නේ නැත.
මේවා නඩත්තු කිරිමට වියදම් යන බව සබෑය, එහෙත් මහජනයා වාර්ෂිකව බදුගෙවනු ලබන්නේ ඒ සේවාවන් මේ බදුගෙවන ජනයා වෙත ලබාදෙන ලෙස කියමිනි.
එසේ නම් මීගමුව මහනගර සභාවේ ජයවීර පාලනය මේ යන්නේ රාජපක්ෂ මුදලිදුට යළිත් පස්ස පෙන්නා නිකත් දුන් ඉඩමෙන් දැන් සල්ලි ගන්නටය.
මේ අයකිරිම් නිසාවෙන් වැඩි සමාජික සංඛ්‍යාවක් සිටින පවල්වලට ලොකු මුදලක් ගෙවන්නට සිදුවන ඇත.