රාජපක්ෂ රෙජීමය මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩව ඝාතනය කරලා !

0
74

Sandya-Eknaligoda-Prageeth-Eknaligodaගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනපති අපෙක්ෂකයා ලෙසින් නම් කිරිමට අද (අගෝස්තු 11) දින නියමිත බව පොහොට්ටුවට සම්බන්ධ දේශපාලකයන් විසින් දැනටමත් මාධ්‍ය මගින් ප්‍රකාශ කොට තිබේ.
මේ අතර පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදි  කියා සිටියේ පොහොට්ටුවේ ජනපති අපෙක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ඇතුළු තවත් බොහෝ දැ කම්මුතු කරන්නෙකු බවය.
රාජපක්ෂ රෙජීමය විසින් මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කොට තිබුණි. ඒ රෙජිමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින හමුදා සාමාජිකයින් විසින් ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ ශම්මි අර්ජුන් කුමාරරත්න, අර්.එම්.පී.කේ. රජපක්ෂ නොහොත් නාදන්, ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන නොහොත් සුරේෂ්, රවින්ද්‍ර රූපසේන නොහොත් රංජි, චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන සැකකරුවන් 9 දෙනාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 17ක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතින බව ඇය ප්‍රකාශ කරසිටි.

මෙම සැකකරුවන් විසින් මෙම අපරාධය ඉතාම සංවිධානාත්මකව සහ සූක්ෂමව සැලසුම් කර ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

2010 ජනවාරි 24 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමට ලක්වූ අතර ඔහුව ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට රැගෙන ගොස් ඝාතනය කර සිරුර මඩවගුරක ගිල්වා, පසුව යළිත් එම සිරුර ගොඩගෙන මුහුදේ ගිල්වා දමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
මුලාශ්‍රය -http://yukthiya.lk