රාජපක්ෂලාගේ පොහොට්ටුව ගැන සුදර්ශණි කථා කරයි ?

0
69

sudarshani 10ඇය මේ බව සදහන් කළේ 2016.11.27 වන දින කටාන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

නිදහසින් පසු මේ රට පාලනය කිරීමේ කාර්යභාරයට දායක වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙනයි.එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකටම ආණ්ඩුවක් පිහිටු වීම සඳහා ජනතාව වරමක් ලබා නොදුන් අතර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ නිසා ප්‍රධාන පක්ෂ දෙක එකතුව ආණ්ඩුව කිරීමට තීන්දු කළා.එයින් කියැවෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට යට වීමක් නොවේ.මෙවර අයවැය ලේඛනය සකස් කිරීමේදී අපේ අදහස් ඒ සඳහා ලබා දී තිබෙනවා.එහෙත් සමහර යෝජනා වලට පක්ෂයක් විදිහට අපේ එකඟත්වයක් නැහැ..පී.එෆ්.,නිවාස ණය අහිමි කිරීම,රාජ්‍ය අයතන පෞද්ගලීකරණය කිරීම වැනි ඒවාට අප විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.හිටපු මහ බැංකු අධිපතිතුමා ඉවත් කළ යුතු බව අප ප්‍රකාශ කළා.

අලුත් දේශපාලන පක්ෂ බිහි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ වුවමනාව තිබෙන්නේ කීපදෙනෙකුට විතරයි.සමහර අයට ඕන කරන්නේ ඉන්න සංවිධායක අයින් කරලා තමන්ට සංවිධායක කම ගන්නයි.මේවා ඉටු නොවන කොට බැන බැන ජනතාව නොමඟ යවනින් අලුත් පක්ෂ පිහිටුවන්න හදනවා.පසුගිය මහ මැතිවරණයේ දී ආසන සංවිධායකවරයාට ඡන්දය නොදෙන ලෙස ඡන්ද ව්‍යාපාරය කළේ ඒ අයයි.අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගුවම වාසි අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම් මට්ටමින් දුර්වල කිරීමයි.නමුත් අලුත් පක්ෂයේ පෙරමුණේ ඉන්න නායකයින්ගේ අතීත ක්‍රියාකලාපය පාක්ෂිකයින් හොඳින් හඳුනාගෙන තිබෙනවා.අඩුම තරමේ හ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්වත් නව පක්ෂයට එකතු වෙන්නේ නැහැ.පාක්ෂීකයා ඉතාමත් බුද්ධිමත් විදිහට අලුත් දේශපාලන තත්වයන් තේරුම් අරගෙනයි ඉන්නේ.

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විදිහට කටාන ආසනයේ ඔබ තමුන්නාන්සේලා මාව පාර්ලිමේන්තුවට නැවත වතාවත් තෝරා පත් කර ගත්තේ මට විරුද්ධව ඇතැම් අය වැරදි ප්‍රචාර ගෙනයමින් තිබූ අවස්ථාවකයි.අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපතීත්වය බාර නොගත්තා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොකු අර්බුදයකට යන්නට තිබුණා.ජාත්‍යන්තරයේ සහය අපේ රටට දැන් ලැබෙනවා සේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නිදහසේ කටයුතු කරන්නට අවස්ථාව ලැබුණේ සම්මුතිවාදී ආණ්ඩුවකට පක්ෂය සහයෝගය දුන් නිසයි.

අද වන විට කටාන ආසනයේ පානීය ජල ප්‍රශ්නය විසදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා.කුඩා නගර සංවර්ධනය යටතේ මගේ අමාත්‍යාංශය මඟින් ප්‍රවේශ මාර්ග,ආදාහනා ගාර,ප්‍රධාන බස් නැවතුම්පොලවල්,ක්‍රීඩාංගණ ආදිය සංවර්ධනය කරන්නට පියවර ගෙන තිබෙනවා.එපමණක් නොව වැසිකිලි පහසුකම් නොමැති අඩු ආදයම් ලාභී පවුල් වලට වැසිකිලි ඉදි කර දීමේ තටයුතුද ආරම්භ කර තිබෙනවා.මේ වන විට ලක්ෂ 1500කට ආසන්න මුදලක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් ලබා දී තිබෙනවා. එපමණක් නොව මාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා,ලලිත් වනිගරත්න මැතිතුමාට ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා පලාත් අමාත්‍යධූරයක් ලබා දුන්නා.එම නිසා තවත් විශාල සංවර්ධන කටයුතු ගණනාවක් එතුමා මඟින් අපට කර ගන්නට පුළුවන් වුනා.

.ජා.පය ශ්‍රී..නි.පය සම්මුතිවාදිව රට පාලනය කිරීම අලුත් දේශපාලන ප්‍රවණතාවක් මෙය පාක්ෂිකයෝ ඇතැම් පාක්ෂිකයෝ අනුමත කරන තත්වයක් නොවේ.නමුත් වසර 30ක යුද්ධයකින් පීඩා විදි අපි රටේ ඉදිරි ගමන වෙනුවෙන් අලුත් දේශපාලන සංකල්ප හඳුනාගනිමින් ගහ මරා ගන්නා දේශපාලනය වෙනුවට තම තමන්ගේ අනන්‍යතා ආරක්ෂා වන පරිදි අනාගත පරපුර ගැන සිතා කටයුතු කළ යුතුයි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා සහ කටුනායක සීඳූව නගර සභාවේ සහ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ
.