රාජපක්ෂලාගේ වැලි ජාවාරම්කාරයෝ ,රංජන්ට තර්ජනය කර රංජිත්ට පහරදීලා.. !

0
59

Screenshot from 2017-03-01 06-17-28පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ

තිලක් විදානගමගේ

රාජපක්ෂ පාලනය සමයේ රටපුරාම පරිසරය විනාශ කරමින් දැවැන්ත වැලි ජාවාරම් වල යෙදුන මැරයන් දැන් එයට එරෙහිව හඩනගන අයට තරාතිරම නොබලා පහර දෙන්නට පටන් ගෙන තිබේ.Ranjan R 1
පසුගිය සතිය තුල පමණක් මෙවන් සිදුවිම් 2 ක් වාර්ථා විය.
ඉන් එකක් වුයේ දිවුලපිටියේදි වන අතර අනික් සිදුවිම වාර්ථා වන්නේ හසලක ප්‍රදේශයෙනි.
දිවුලපිටියෙ ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් රාජපක්ෂ කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික්  ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පහර දෙන්නටත් මරණ බවට තර්ජනය කරන්නටත් යෙදුණි.රන්ජිත් ෂග්‍යෘ
ඒ දිවුලපිටියේ වසර ගණනාවක් තිස්සේ ඉන්දිකලා විසින් කරන්නට යෙදුන පරිසර විනාශය නවතා ලන්නට ඇමති රංජන් මුලික වි තිබුණ නිසාය.
එලෙසින්ම හසලක ප්‍රදේශයේ සිදුකරනු ලබන වැලිහැරිම් හේතුවෙන් හසලක පාලම අනතුරුට ලක්ව ඇති බව රටට  හෙළිකළ මාධ්‍යවේදි රංජිත් කරුණාවීරට ද පහර දි තිබුණි.
මෙසේ පහර දි තිබුනේ මහින්ද පාර්ශවයේ ඌව පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේද ව්‍යාපාරික සොහොයුරා විසිනි.
ඔහු තිලක් විදානගමගේ නම් වෙයි.