රාජපක්ෂලාට අන්ත පරාජයක් ගෙන දුන් මිගමුවේ ජනයා සිරිසේනට එරෙහිව කොළඹට !

0
374

Roice 1Roice 22015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේදි රාජපක්ෂාලට අන්ත පරාජයක් අත්කර දෙමින් ජනපති සිරිසෙන ඉහලින්ම ඔසවා තැබු මිගමුවේ ජනතාවට වසර 3 ක් යන්නට මත්තෙන් ඒ සිරිසේනටම එරෙහිව කොළඹදි විරෝධතා දැක්විමට පැමිණිමට සිදුවේයැයි කිසිදිනක සිතන්නට නැත.,
එහෙත් ශ්‍රිලංකා දේශපාලන ඉතිහාසය තුල සිදුකරන ලද දැවැන්තම පාවාදිම කර ඇති ජනපති සිරිසේනට එරෙහිව දැන් රටපුරා 62 ලක්ෂයක් ජනයා ශාප කරමින් විදිවලට බසිමින් සිටිති.
පළාත් සභා ඇමතිධුර 12 ක් ,නියෝජ්‍ය ඇමතිකමක් ,නගරසභාවක් පවා රාජපක්ෂලා වෙනුවෙන් 24 පැයේම සල්ලි කෝටි ගණන් විසිකරමින් ජනාධිපතිවරණය කරද්දි මිගමුවේ ප්‍රගතිශිලි ජනයා ජනපතිවරණය ජයගන්නේ වැඩිඡන්ද තිස්දාහකිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල එය සුවිශේෂිම ජයග්‍රණයද විය.
ඒ ශාපය යනු දශකයකට එහා ගිය මර්ධනකාරි පාලනයක් දිවි පරදුවට තබා පරාජය කර තිබියද යළිත් වරක් ජනාධිපති විමට ඇති කෑදරකම නිසා ඉතිහාසයේ බිහිවු අතිබිහිසුණුම පාලකයා වෙත යළිත් බලය ලබාදෙන්නට කටයුතු කිරිම තුලින් ජනපති සිරිසෙන යුගයේ දේශපාලන කවටයා බවට පත්ව තිබේ.roies 5