රාජපක්ෂලාට සහය එපා ! ආධාරකරුවෝ සකාට කියති!

0
132

IMG-1f56e4009e2b2b38fb8d392812f6e2d4-VIMG-547e31fd5805f6101032a654ae97d57e-Vදැන් ඇත්තේ ⁣මීගමුව තුල අප කිසිවිටකත් නොසිතු දේශපාලන පෙරළි සිදුවිමට නියමිත වකවානුවකි.ඒ සියල්ලට මුල්ව ඇත්තේ නිමල් ලංසලාගේ කුමන්ත්‍රණකාරි දේශපාලනයයි.ඒ දේශපාලනය විසින් මේ වන රාජපක්ෂලාට සිදුකරමින් ඇති විනාශය අතිප්‍රබලය.දේශපාලන පරිචයක් හා නිසි භාවිතාවක් ඇති අයෙකු ඡන්දයක් මුවවිටෙහි තබාගෙන අහිමිකරගන්නවා යනු පක්ෂයකට සැබැවින්ම සැලකිය යුතු අවාසියකි.මේ අනුව ලංසාගේ දේශපාලන නරුමත්වය මේ වන විට රාජපක්ෂලාට අහිමිකරලමින් ඇත්තේ අත්‍යාවශ්‍ය මොහොතක දේශපාලන සටන්බිමේ සිටිය යුතුම පිරිසකි.මිගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා මේ දිනවල සිටින්නෙ දිගු නිහැඬියාවකය.මිගමු මහනගර සභාව පිහිටුවීමට මුල්ව කටයුතු කරන ලද ප්‍රධාන චරිතයක් වු සකාවුල්ලා දැනට මීගමුවේ ශ්‍රීලනිප සම සංවිධායකවරයාද වෙයි.පසුගිය දිනක ඔහු හමුවිමට පැමිණි ආධාරකරුවන් ප්‍රධාන  කොටම අවධානය යොමුකොට ඇත්තේ රාජපක්ෂලාට නම් යළිත් කිසිලෙසකින්වත් සහය නොදෙන ලෙස ඉල්ලා සිටිමට බව වාර්ථා වේ.මේ යථාර්ථය තු ඉතා පැහැදිලිවම සිය අධාරකරුවන්ගේ සාකච්ඡාවලින් පසුව ඉදිරි දිනක සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.