රාමළාන් උපවාසය රකින පෙරියමුල්ල මුස්ලිම් ජනයා හට ප්‍රධාන පල්ලියෙන් කැඳ.

0
437

මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ උපවාස සමය වන රාමළාන් මාසයේ ඔවුන් හට අල්ලාහ් දෙවිදුන් අණ කල ශීලය රකින උපවාස කාලය දින 30කි. සඳ බලා ගණනය කරන මෙම මාසය රාමළාන් මාසය ලෙස හදුන්වයි. සඳ දින දර්ශණයට අනුව දින 30 හෝ 29කටද මෙම උපවාසය සීමා විය හැක. ලෞකික ජීවිතයෙන් බැහැරව අධ්‍යාත්මික නැඹුරුව හා කුසල් රැස් කරන් මාසය ලෙස මෙම මාසය හදුන්වනු ලබයි.

මෙම උපවාසය හිරු උදාවන්නට ප්‍රථමයෙන් ආරම්භ වන අතර ,හිරු බැසීමත් සමග මෙම දෛනික උපවාසය අවසන් වේ.දින 30ක රාමළාන් උපවාසය අවසන් කෙරෙන අවස්ථාව “ඉෆ්තාර්” ලෙස හදුන්වයි. මෙය සිංහලෙන් නෝම්බි අරින වේලාව ලෙස භාවිතා වේ. මේ සදහා රට ඉදි සමඟ පානීය ජලය ගන්නා අතර ඒ සමගම කැඳ පානය කිරීම පෙර අපර දෙදිග රටවල් වල ජීවත් වන්නාවූ මුස්ලිම්වරුන්ගේ සිරිතකි.

මෙය සදහා පෙරියමුල්ල මහාහුණුපිටිය ප්‍රධාන මුස්ලිම් පල්ලිය (මස්ජිදය) යටතේ ඇති සියළුම පල්ලි සදහා ජනයාට බෙදන්නට හා උපවාසයෙන් මිදෙන්නට කැඳ බෙදා හැරේ. ප්‍රධාන පල්ලිය හා තවත් පල්ලි තුනකින් මෙම කැඳ සෑදීම කරන අතර සවස අසර් සලාකය සමග මෙම කැඳ බෙදාදීම සිදු කරයි. මෙය සදහා දිනකට රු.50 000 ක් වියදම් වන අතර මසකට රු.1500000 ගණන් බලා ඇත. මේ සදහා දානපතියන් හා පරිත්‍යාගශීලීන්ගෙන් එක් කොටසකට රු.500ක මුදලක් ලබා ගන්නා අතර කැමති ඕනෑම පුද්ගලයෙකුට රු.500ක මුදලක් ගෙවා මෙයට දායක වීමේ අවස්ථාව උදාකර දී  ඇත.

IMG-20160614-WA0002

IMG-20160614-WA0001

IMG-20160614-WA0004

ඡායාරූප හා සටහන – M.S.S. මුනීර්

 

Save