රැකියාවලින් නෙරපු වෙළද කලාප කම්කරුවන්ව කිසිදු දිමනාවක් නොගෙවාම ගමට යවයි ?

0
78

FB_IMG_1589531003060FB_IMG_1589530997285FB_IMG_1589530988485
FTZ 1FTZ 2FTZ 3සේවයෙන් නෙරපා හරින ලද නිදහස් වෙළඳ කලාප කම්කරුවන් (මාස 6 කට වඩා අඩු කාලයක් වැඩ කළ), මෑන්පවර් සේවකයින්, තම දරුවන් බැලීමට යන දෙමාපියන් සහ පොලීසියේ ලියාපදිංචි වී සිටින සියලු දෙනාට මීගමුව , කටුනායක සහ කටාන යන ප්‍රදේශවල අතරමංව සිටින සියලු දෙනාට, බස් රථ වලින් තම ගම් බිම් කරා යෑමට පසුගිය  දින කටුනායක නි.වෙ.ක ක්‍රිඩාංගනයට පැමිණෙන ලෙස පොලිස් විසින් පවසා ඇත.

ඔවුන්ව රැකියාවෙන් ඉවත් කර ඇති අතර.. රජයෙන් ලැබිය යුතු කිසිදු ආධාරයක් ලබාදිමට ඒ වනතුරුත් රජය සමත්වි තිබුනේ නැත.IMG_20200510_110327IMG_20200510_103105
කුසගිනි ඉවසා ගත නොහැකි වු මේ කම්කරුවෝ සිය කුඩා දරුවන්ද සමගින් හිස් පිගන්ද රැගෙන විත් කටුනායක කොළඹ මාර්ගය තුල විරෝධතාවයද නිරතවිය.
මේ කම්කරුවන් දැන් ගමට යන්නේ කාලයක් තිස්සේ වෙළද  කලාපයේ හාම්පුතුන්ට කඹුරා සිය ශ්‍රමය පුජා කලද ඔවුන්ට යැයි කියා ගමට ගොස් කන්නට යමක් සපයා ගන්නටවත් කිසිදු මුදලක් නැතිවය.
සැබැවින්ම මෙය රජය සිය අවධානය යොමුනොකල එහෙත් දැවැන්ත ඛේදවාචකයකි.
FTZ 7FTZ 8ඡායා- එම්.ඉසෙඩ් සහජාන්