රැඳවියෝ නොසන්සුන්… ! සුදර්ශණිත් නිහඩයි ! මහර 4 ක් මියයි ! 24 කට තුවාල …

0
73
Screenshot_20201129-212205_Facebook( 11.45 pm ) පසුගිය දින කිපය පුරාවටම බන්ධනාගාර රැසක නොසන්සුන්කාරි වතාවරණයක් නිර්මානය වෙමින් තිබේ.මෙයට මුලිකතම හේතුව වි තිබුනේ කොරෝනා තත්වය හමුවේ රැදවියන් මුහුණ දෙන ආනාරක්ෂිත බව බැදුන සිදුවිම්ය. මේ නිසාම වඩාත් ආරක්ෂිත තත්වයක් නිර්මාණය කරගැනිමේ අවශ්‍යතාවය ඔවුන් තුල මතුව ඇති බැව් පෙනේ. විශාල පිරිස් සිටින බන්ධනාගාර වල පවතින ඉඩ කඩ පිලිබද ප්‍රශ්ණය යනු පවතින බන්ධනාගාර කොරෝනා රැල්ල තුල වඩාත් අනාරක්ෂිත බවක් නිර්මාණය කරනු ලබන ප්‍රධානතම හේතුව වි තිබේ.මේ සදහා කඩිනම් පිලියම් සොයන බව පසුගිය දිනවල අවස්ථා ගණනාවකදි රාජ්‍ය ඇමතිණිය කියා සිටියද ඒවායේ ක්‍රියාත්මක භාවයක් මේ වන පෙනෙන්නේද නැත. මේ අතර මහාර බන්ධනාගාරයේ රැඳවියන් හට සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණයේදි 183 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගෙන ඇතැයි newswire.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් අද සවස්වරුවේ සිට මහර බන්ධනාගාරය තුල නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණ අතර එය පාලනය කිරිමට විශේෂ කාර්ය බලකාය පැමිණ තිබුණි. කෙසේ වෙතත් මහර ගැටුමෙන් මේ වන විට 4 ක් මිය ගොස් ඇති අතර 24 ක් තුවාල ලබා දි තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here