“රෑට බතට අපි කොයිදෝ ලගින්නේ” – මීගමුවේ වාසස්ථාන අහිමි ජනතාව ඔක්:01ලෝක ජනවාස දිනය සමරති !

0
125
Image may contain: text

“රෑට බතට අපි කොයිදෝ ලගින්නේ” – මීගමුවේ වාසස්ථාන අහිමි ජනතාව ලබන සදුදා(ඔක්:01) ලෝක ජනාවාස දිනය සමරන්නේ වසර ගණනාවක් තිස්සේ ඉඩම් සහ නිවාස අහිමිව තමන් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිබඳව මේ රටේ වගකිව යුත්තන්ට හඩගා කියන්නටය.

අපි ඔවුන්ට සහය දක්වමු. එදින දහවල් 2.30ට මීගමුව තෙල්වත්ත හන්දියෙන් ඇරඹෙන පාගමනට සහභාගි වෙමු. අනතුරුව රුක්මණී දේවී රගහලේ පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීමටද සහභාගි වෙමු.
එදින විචිත්‍රවත් අංග කීපයක්ම ඔබට ඉදිරිපත් කිරීමට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ සංස්කෘතික අංශය ලහි ලහියේ සූදානම් වෙමින් සිටිති.

අරුණ ශාන්ත නෝනිස් – අශානෝ