රිය අනතුරක් නිසා වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

0
91

car-accident-lawyer4නොවැම්බර් 15 වනදා  හලාවත – කොළඹ මාර්ගයේදී සිදුවූ  අනතුරක්  නිසා වරදකරුවෙකු වූ  පුද්ගලයෙක්ව ඊයේ (29) අධිකරණය විසින්   අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කරන ලදී. මෙසේ වරද පිළිගත් පුද්ගලයා වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර  එදින සිය නිවසට යන අතර තුර දී හලාවත – කොළඹ මාර්ගයේ දළුපතට ආසන්නයේදී මීගමුව දෙසට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහු අතින් අනතුරට ලක්වී තිබේ. අනතුරින් එම පුද්ගලයා තරමක් අසාද්‍ය තත්ත්වෙයන් පසුවී ඇති  අතර මෙම වෛද්‍යවරයා විසින් ඔහුව මීගමුව රෝහලට ඇතුළත් කර පිටත්ව ගොස් ඇත.
පසුව අනතුරට ලක්වූ පුද්ලයාගේ තත්ත්වය බරපතල බැවින් ඔහුගේ පවුලේ අය මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබේ. ඉන්පසුව මේ සම්බන්ධයෙන් අධිකරණ විභාගයක් ඊයේ (29) වනදා  මීගමුව මහේස්ත්‍රාත් අධිරණයේදී   පැවැත්විණි. එහිදී නැගුන චෝදනා වලට මෙම පුද්ගලයා වරද පිළිගෙන ඇති අතර  ඔහුව දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කොට තිබේ.
අනතුරෙන්  තුවාල ලබා ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචි  හෙට්ටිආරච්චිගේ නීල් බෙනට් පෙරේරා නැමැත්තෙකි.