”රිවිර” පච කියයි. කාවින්ද නෑ කියයි.

0
79

riviranewමීගමුවේ මතුව ඇති දේශපාලන අවුල මුල් කරගෙන පච පුවත් ගෙතිමේ කොන්ත්‍රාත්තුවක රිවිර පුවත්පත යෙදි සිටින අයුරු පැහැදිලිව පෙනි යන්නේ පසුගිය දින කිපය තුල ඔවුන් මීගමුව  සම්න්ධයෙන් පළ කල පුවත් සැලකිල්ලට ගැනිමේදිය.
මේ  අනුව රිවිර පුවත් පත අද දින මුල්පිටු පුවතකින් හෙළි කර සිටින්නේ මීගමුව එජාප සංවිධායකධුරය වෛද්‍ය කාවින්ද ජයවර්ධනට ලබාදි ඇතිබවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
පසුගිය 26 වනදා සිරිකොතදි පැවති විශේෂ හමුවක් සදහා මීගමුව මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නියෝජිතයන්ද සිටි බවත් ඒහිදි පක්ෂ නායකත්වය මීගමුවට ද සහය දෙන ලෙස එහි පැමිණ සිටි අන් අයගෙන්ද ඉල්ලා සිටි බවත් පැවැසිය.
මේ සම්බන්ධයෙන් මිපුරට අදහස් දැක්වු ගම්පහ පාළාත් සභා අපේක්ෂක වෛද්‍ය හෙන්රි රොසයිරො මහතා පවසා සිටියේ මීගමුව මැතිවරණ කටයුතු සැලැසුම් කරගත් පරිද්දෙනක් මැතිවරණ මෙහෙයුම් කමිටුව හා එක්ව සාර්ථකය කරගෙන යන බවය.
මීගමුවට අලුත් සංවිධායකවරයෙකු පත් කිරිම ගැන එජාප නායකත්වය තමන් ඇතුළු කණ්ඩායමට කිසිවක් නොකි බවත් එවන් සාකච්ජාවක් ගැන තම නාගරික මන්ත්‍රි මණ්ඩලය කිසිවක් නොදන්නා බවත් රිවිර පුවත මුළු මනින්ම පචයක් බවත් පවසා සිටියේය..