රු 81.10 ගානේ ඉන්ධන සහනයකට හලාවත ධීවරයින් එකගවෙයි – ඒත් දවස් 06 කට පමණයි

0
115

භුමිතෙල් මිළ පහළ දැමීම පිළිබද ඉල්ලීම් සහිතව සාකච්ඡාවක්  හලාවත ප්‍රෙද්ශයේ  ධීවර සංගම් සහ හලාවත රදගුරුතුමා අතර අද පෙරවරැවේ  හලාවතදී සිදුවිය. එම සාකච්ඡාවට වයඹ පලාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුලු හලාවත ප්‍රාෙල්කම්වරයාද සහභාගී වූහ. එහිදී ධිවර සංගම් නායකයින් විසින්  භූමිතෙල් මිළ නැවත සශෝධනය කිරීම හා විධිමත්,ප්‍රාෙයා්ගිත ස්ථීර  සහන වැඩපිලිවෙලක් අවශ්‍ය බව අවධාරණය  ඇත. මෙම යෝජනාව පිළිබද ඇතිවූ සාකච්ඡාවේදී  රජය නියෝජනය කළ පාර්ශවයන් වෙතින් යෝජනා වී ඇත්තේ ස්ථීර විසදුමක් ලබා දෙන තුරැ මෙම යෝජනාවට එකත වන ලෙසයි. එනම් භූමිතෙල් රු 81.10ක මිළකට එක ධීවරයෙකුට ලීටර් 30 ක්  දින 06ක් යනතුරරු ලබාදීමයි. මෙම භූමිතෙල් සහනය පෙට්‍රෝලියම් පිරවුම් හල් වලින් ලබාගතහැකි වන අතර දින 06කින් පසු ස්ථීර විසදුමක්
ලබාදීමට කටයුතු සලසන බවට සනත් නිශාන්ත අමාත්‍යවරයා සහ හලාවත රදගුරුතුමා
පවසා ඇත. දින 06කින් පසු ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුණොත් නැවත දින 06කට මෙම සහනාධාරය දික් කරන බවට ද සනත් නිශාන්ත අමාත්‍යවරයා පවසා  ඇත.
තොඩුවාව ප්‍රදේශය නියෝජනය කළ ධීවර නායකයෙකු අප හා පැවසූවේ සනත් නිශාන්ත
අමාත්‍යවරයා සහ රජයේ නියෝජිතයන් පසුගිය දින කීපයේම එම ප්‍රෙදේශයේ ධීවරයන්ට
බලකර සිටියේ මෙම යෝජනවාට එකග වී මුහුදු යන ලෙස බවයි. නමුත් ධීවරයින් බහුතරයක්
අදවනතුරැත් එය පිලිනොගත් බවත් මෙම යෝජනාවට එකගවූයේ ධීවරයින් මේ වනවිට
මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය නිසා බවත්, ස්ථීර විසදුමක් ලබාදීමට රදගුරැතුමා පොරොන්දු වූ නිසා බවත් ඔහු පැවසීය.
මෙම යෝජනාව නිසා ධීවරයින්ට ෂෙඩ් එකට ගොස් රාත්‍රිෙය් පෝලිමේ සිටීමට සිදුවන බවත්,ලී
ලීටර් 30කට වඩා අවශ්‍ය වන ධීවරයින්ට මෙම යෝජනාවෙන් කිසිදු සහනයක් නොලැබෙන බවත් ඔවුන්ගේ අදහසයි.  ඒ වගේම මෙම සහනාධාර යෝජනාවේදී ධිවරයින් තමන්ගේ රැකියාවට සුපුරැදු ඉන්ධන ලබාගන්නාක්‍රම සැලකීමට නොගෙන ඇති බවද ඔවුන් පවසයි. උදා එනම් වෙරළලේදී ඉන්ධන විකුනන අළෙවිකරැවනගෙන් ධීවරයින්ට මෙම සහනය ලබාගතහැකි
තත්ත්වය පිළිබදව රජයේ අවදානය යොමුවී නොමැති බවයි.එමෙන්ම රජය විසින්  තවමත්කූපන් පත් මුද්‍රණ කර අවසන් නැති බවත් ඒවා ලැබෙන්නට තවත් ප්‍රමාද විය හැකි බවත් ධීවර නායකයින්ගේ අදහසයි.
මෙම සාකච්ඡාව අවසානයේදී ධීවර නායකයන් විසින් මෙම යෝජනාවට එකග වන්නේ තාවකාලිකව දින 06ට බව තහවුරැ කර ඇති අතර රජයේ නියෝජිතයන් සහ අගරදගුරැතුමන් විසින් ස්ථීර විසදුමක් වෙනුවෙන් රජය සමග සාකචඡා පවතවන බවට පොරොන්දු වී ඇත.
එමෙන්ම එහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයා පවසා ඇත්තේ අද රාත්‍රිෙය්දී  ඔහු හා පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා ඇමතිවරයා ජනාධිපතිතුමා සමග මෙම ප්‍රශ්නය පිලබදව සාක්ච්ජාවක්
පවත්වන බවයි.
මෙම සාකච්ඡාවට හලාවත,කරැක්කුපනේ, තොඩුවාව, අඹකදවිල සහ මැදවත්ත යන ප්‍රෙද්ශ වල ධීවර සංගම් නායකයින් සහභාගී වී ඇත.