රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ නගර සභා සේවකයා මීගමු නගරාධිපතිගේ බඩියෙක් බව හෙළිවෙයි ..

0
182
රු කෝටි 31 කක් ගිණුමේ තිබුන නගරාධිපතිගේ සමිපතම සේවකයෙක් ..

දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්

sdr

රු කෝටි 18 ක මුදලක් බැංකු ගිණුමක තිබුණ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය සේවකයා මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ බඩියෙක්දැයි අසමින් අප මිට පෙර පළකරන ලද පුවත දැන් සනාථ වි තිබේ.
එනම් මෙසේ බස්නාහිර අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ මිගමුව ජනජයගම පදිංචිම තුෂාන් ක්‍රිෂ්මාල් නැති සෞඛ්‍ය සේවකයා වන අතර ඔහු මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ සමිපතම ගෝලයන්ගෙන් කෙනෙකි.
2016 ජුනි මස 02 වෙනිදා මිගමුව මහනගර සභා භුමිය තුල මිපුර පුවත්පතේ කර්තෘ වෙත පහරදිම සදහා එවකට නියෝජ්‍ය නගරාධිපති වු දයාන් ලංසා විසින් කොන්ත්‍රාත්තුව ලබාදි තිබුනේ තුෂාන් ක්‍රිෂ්මාල වෙතය.DSC_0870
එදින මහසභාව රැස්විම පැවැත්වෙන අතර තුර තුෂාන් සහ දයාන් ලංසා මේ ප්‍රහාරය සැලසුම් කිරිම සදහා පැය 05 ක් තුල දුරකථන ඇමතුම් 16 හුවමාරුකර ගෙන තිබුණි.
ඒ අනුව මහදවල් සිය සේවා වැඩ මුරය තුලදිම මාධ්‍යවේදියෙකුට දයාන් ලංසාගේ ඉල්ලිම පරිදි පහර දිමට වගකිමක් ගැනිමට තරම් සමිප සම්බන්ධතාවයක් මේ දෙදෙනා අතර තිබුණ බව ඉතා පැහැදිලි වන අතර දයාන් ලංසාගේ විශ්වාසවන්තම කිකරු ගෝලයෙකු බවද ඉන් සනාථ වි තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගන්නට ඇතැයි අනුමාන කරනු ලබන රු කෝටි 18 ක් සිය ගිණුමේ තිබුණ සෞඛ්‍ය සේවයකයා වන තුෂාන් හා මිගමුව නගරාධිපති දයාන් ලංසා අතර පවතින සමිපතම සම්බන්ධතාවය නිසා තුෂාන් නැමැත්තා වැඩනොකර පඩි ගන්නා අයෙකු බවට පත්ව සිටි බව මහනගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.

තුෂාන් ක්‍රිස්මාල් නාගරි කොමසාරිස්තුමිය සමගින
තුෂාන් ක්‍රිස්මාල් නාගරික කොමසාරිස්තුමිය සමගින්

අනික් සෞඛ්‍ය කම්කරුවන් මහන්සි වි කුණුජාරාව ඇගලා වෙහෙසි වැඩකරද්දි මිගමුව නගාරික කොමසාරිස්තුමිය මෙන්ම  මහජන සෞඛ්‍ය පරික්ෂක ලොක්කන්ද තුෂාන්ලාට මහජන බදු මුදලින් පිනට පඩි ලබාදිමට සියලු පහසුකම් සලසා දි තිබුනේ කිසිදු ප්‍රශ්ණ කිරිමකින් තොරවය.
මේ අනුව දයාන් ලංසා මෙන්ම නාගරික කොමසාරිස්තුමිය ද ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ගේ පුර්ණ ආරක්ෂාව රැකවරණය තුෂාන්ලා තිබුණි.
අද මාධ්‍ය හරහා රටටම දැනගත් සෞඛ්‍ය සේවයකයාගේ පැටිකිරිය එයයි.
පසුගිය දිනක මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ දියණියකගේ දිව්‍ය සත්ප්‍රසාදය ලැබිමේ නිමිති කොට ගෙන පැවැති සුපිරි සාදයකට මිට දින කිපයකට ඉහතදි තුෂාන් ක්‍රිස්මාල් නැමැත්තා සහභාගිවි තිබුණි.
ඉන් කියැවෙන්නේ තුෂාන් යනු ලංසා පවුලේ අති සමිපතම අයෙකු බවය.
මෙම සාදයේදි නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද ඇතුළු තවත් වැදගත් චරිත රැසක් සිටි සමුහ ඡායාරූප මේ වන විට තුෂාන් ක්‍රිෂ්මල්ගේ ෆෙස් බුක් පිටුවෙන් මෙන්ම මෙම සාදයට එක්වු නගරාධිපති දයාන් ලංසාට සමිපව සේවය කරන අනික් අයගේ ෆේස් බුක් පිටුවලින්ද අද රාත්‍රියේ මකා දමා තිබේ.
කෙසේ වෙතත ඒ සියළු සම්බන්ධකම් හෙට දිනයේදි හෙළිදරව් වනු ඇත.
හැංගි හැංගි බැන්ද කාගෙත් වෙස් මුහුණු දැන් ගැලවි යන දින වැඩි ඈතක නම් නොවේ