රුක්මන් කොළඹගේ ට පහරදුන්නේ හෙක්ටර්ගේ කට්ටියද ?පොලිසිය නිහඩයි ?

0
78

දෙවන සංස්කරණය –
වෙන්නප්පුවෙන් වාර්ථා වන දේශපාලන පළමු පළිගැනිම දැනටමත් සිදුව හමාරය.
ඒ අරුන්දික මන්ත්‍රිවරයාගේ ආධාරකරුවෙකු වු රුක්මන් කොළඹගේ නැමැත්තාටය,
මේ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ කලු පැහැති ඇදුම් ඇදගත් 8 දෙනෙකු පමණ ඩිෆෙන්ඩර් වාහන 2 කකින් පැමිණ මේ පහරදිම සිදු කර ඇති බවය.එමෙන්ම එම වාහනවල ස්ටිකර් අලවා තිබුණ බවද ඔහු කියා ඇත.
ඔවුන් අත ගිණි අවිද තිබුණ බව ඔහු කියා සිටියි.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියන්නේ මෙය පුද්ගලික ආරවුලක් බවය.
කෙසේ වෙතත් වාර්ථා වන අන්දමට වෙන්නප්පුව පොලිසිය තවමත් මේ පහරදිමට සම්බන්ධ වු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
මෙහිදි මතුවෙන ගැටළුව වන්නේ මැතිවරණ ප්‍රථිපල නිකුත් වු පසුව ගිණි අවි සහිතව පාන්දර ජාමේ ඩිෆෙන්ඩර් වාහනවලින් මෙවන් පහර දිමකට පැමිෙනෙන්ට  හැකියාවක් ඇත්තේ කාටද යන්නයි.??
කෙසේ වෙතත්  ගිනි අවි රැගෙන අලුයමේ සැරිසැරූ මේ  කල්ලිය අත්අඩංගුවට ගන්නට පොසිසිය අසමත්ව සිටි.
එය තරමක භායනක තත්වයකි.
එමෙන්ම මැතිවරණ සමය පුරාවට වෙන්නප්පුව පොලිසිය පක්ෂග්‍රාහිව කටයුතු කළ බවට පැමිණිලි රැසක් දැනටමත් ඉදිරිපත්ව තිබේ.
රුක්මන් කොළඹගේ යනු එජනස හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු වන අතර පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට විවිධ අඩම්තේට්ටම් කළ අයෙක් බවට ප්‍රසිද්ධව සිට ඇත.
පසුගිය ජනාධිපතිවරණ දිනයේදි  අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සහ පළාත් සභා මන්ත්‍රි හේක්ටර් අප්පුහාමි අතර ගැටුමක් ඇතිව තිබුණ බවද මැතිවරණ නිරික්ෂකයන් විසින් වාර්ථා කර තිබුණි.