රුධිර සාම්පල හේමාස් එකට නම් ? ලක්ෂ ගණනක ඩෙංගු වාට්ටුවක් මොකටද?

0
110

2013 වසරේ  ජූලි මාසයේදී මීගමුව මහ රෝහලට   ඩෙංගු රෝගීන් සඳහාම වෙනම විශේෂිත ඩෙංගු වාට්ටුවක් ඉදිවූ අතර ඒ සඳහා වැයකළ මුදල ලක්ෂ 550කි.
මේ වාට්ටුවේ මනා ක්‍රියාකාරිත්වය මත මීගමුව රෝහලේ එකඳු ඩෙංගු මරණයක්වත් වාර්ථා වි නැතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්ථා කර තිබුණි.එය පැසුසුම් කටයුතුය. එහෙත් ගැටළුව වන්නේ රජය විසින් විශාල මුදලක් මේ වාට්ටුව තැනිම සදහා වෙන්කර තිබියදි එහි සේවය ලබන්නට එන ජනතාවට පුද්ගලික රෝහල්වල සරණ යෑමට සිදුව ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්ණකාරිය.
මෙහි  ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ලක්කුමාර මහතායි. මෙම ඩෙංගු වාට්ටුවෙන් ප්‍රතිකාර පිණිස යන දෙමාපියන් විසින් මුහුණ දී ඇති එක් ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ඩෙංගු පරීක්ෂාව සඳහා සිදුකරන ලේ සාම්පල  වාර්තා ගැනීමට හේමාස් පුද්ගලික රෝහලේ පරීක්ෂණාගාරයට  යොමුකිරීමයි. මෙම වාර්තා හේමාස් එකෙන්ම ගත යුතුද යන ප්‍රශ්නය වෛද්‍ය ලක්කුමාර මහතාගෙන් හෝ එහි වෙනත් වෛද්‍යවරයෙකුගෙන් විමසීමට ධෛර්්‍යමත් නොවන දෙමාපියන් මැසිවිලි නගමින් කෙසේ හෝ එම වාර්තා හේමාස් වෙතින්ම කරගෙන ගොස් බාර දෙති.හේමාස් පුද්ගලික රෝහලේ පරීක්ෂණාගාරයක් දැන් මීගමුවේද විවෘත කර ඇති අතර මේ වන විට  සමහර රුධිර සාම්පල පරීක්ෂණයන් සඳහා අයකරන ගාස්තුව වෙනත් ස්ථානයන් සමග සසදන කළ අධික ලෙස මිළ වැඩි බවද ඔවුන් වාර්තා කරති.
මේ වන විට මෙම ඩෙංගු විශේෂිත ඒකකයේ පිහිටුවා ඇති අරමුණු අනුව  ජනතාවට සැලසී ඇති වාසිය කුමක් ද යන්න ගැන ප්‍රශ්නයක් මතුවේ. මේ තරම් මුදලක් වැය කර ඩෙංගු වලට ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර  ඒකකයක් තිබියදී ලේ සාම්පල ගැනීමට පුද්ගලික රෝහල් වෙත යා යුතුද ? මේවායින් වාසිය සැලසෙන්නේ කාට ද?  DSC02778