රේල් ගේට්ටුවත් කඩාගෙන ගිය ත්‍රීවීල් රියදුරා

0
424

DSC_0253අද පෙරවරු 11 . 30ට පමණ මීගමුව  කච්චේරිය  අසල  ලුණුකඩ  හංදියේ   රේල්  ගේට්ටුව   හදිසි  ත්‍රිවිල්  රියදුරෙකු   විසින්   අද (3)   කඩාදමා  ඇත.  මෙය  සිදුවී  ඇත්තේ  විදුලි  සංඥා   දැල්වෙමින්  තිබියදී ,   දුම්රියට  ගමන්  කිරීම  උදෙසා  රේල්  ගේට්ටුව   වසා  තිබියදීය. තිවිල්  රියදුරා  වැරදි  පැත්තෙන්   තම  ත්‍රිවීලය  ධාවනය  කර  ඇති  අතර  මුළුමනින්ම   රේල්  ගේට්ටුව  කැඩී   බිමට  වැටී  ඇත.   මෙය  සිදුවී  ඇත්තේ  පෙරවරු  11.30ට  පමණ  වන  අතර   ඊට  පැයකට  පමණ  පෙර   යතුරුපැදියකින්   ගමන්  කළ  පුද්ගලයෙකුද   මෙම  ස්ථානයේ  දීම  ඇද  වැටුනුබව  මෙහි  ගේට්ටු  මුරකරු   විසින්   පවසන  ලදී. එසේම  මේ  වනවිට  මෙම  ස්ථානයේ  අනතුරු  ගනනාවක්  සිදුවී  ඇති  බවත් ,  බලධාරීන්ට  මෙම  ස්ථානය  හැදීමට  කිසිම  වුවමනාවක්  නැතිබවත්   අවට  සිටින  අය  පවසයි.DSC_0253

????????????????????????????????????
????????????????????????????????????