රොයිස් විජිත සිරගත කිරිම පිටුපස සිටින අශුද්ධ සන්ධානය කව්ද ?

0
107

රොයිස් විජිගිනි අවි පණත යටතේ චෝදනා කොට ඇති කටාන පොලිසියට තවමත් මීගමුව හිටපු එජාප සංවිධායක රොයිස් විජිතට එරෙහිව ගොනු කොට ඇති චෝදනාවට අදාල ගිනි අවිය ඉදිරිපත් කරගැනිමට නොහැකි වි ඇත.
එපමණක් නොව කටාන පොලිසියේ නිළධාරින් විසින් පසුගිය උසාවි දිනයන්හිදි කියන්නට යෙදුන බොහොමයක් කැරුණු අරභයා සාක්ෂි ඉදිරිපත් කරගන්නට නොහැකිව තිබේ.
මේ සියල්ල විසින් කියැවෙන එක් සත්‍යයක් තිබේ.
රොයිස් විජිත කොටුකිරිම කුමන්ත්‍රණයක්ද යන ප්‍රශ්ණයයි .
ගිනි අවි පණත යටතේ අත්අඩංගුවට පත් අයෙකුට එරෙහිව ගිනි අවිය තවමත් ඉදිරිපත් කරන්නට කටාන පොලිස් ලොක්කන් අසමත්ව සිටිමෙන් කියැවෙන්නේ කුමක්ද ?
මේ සියල්ල පිටුපස කිසියම් අශුද්ධ සන්ධානයක් සිටින බව නොවේද ?
එසේ නම් මේ අශුද්ධ සන්ධානය කව්ද ?
මේ පිරිස රොයිස් විජිතගේ දේශපාලනය චරිතය අභියෝගයක් වන අය විය යුතුමය.
එවන් දෙපිරිසක් මේ වන විට මිගමුව දේශපාලන පොලව තුල සිටින බව දේශපාලනය ගැන උනන්දුවක් ඇති මිගමුවේ සියල්ලෝම දනිති.
එසේ නම් මේ අශුද්ධ සන්ධානය ගොඩනැගි ඇත්තේ කා අතරද ?
එය සැබෑව එළිවිමට ඇත්තේ තවත් දින කීපයකි.