රොයිස්ගේ සුවදුක් විමසිමට රනිල් මීගමුව බන්ධනාගාරයට !

0
132

IMG-20191218-WA0013IMG-20191218-WA0010එජාප නායක රනිල් වික්‍රමසිංහ මිට සුළු මොහොතකට පෙර මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබුණි. ඒ මීගමුව හිටපු සංවිධායක රොයිස් විජිතගේ සුවදුක් විමසා බැලිම සදහාය.
දිර්ඝ වේලාවක් රොයිස් විජිත සමගින් සුහද කථාබහක නියැලි  සිටි බවද වාර්ථා වේ.

පළාත් සභා ඇමතිධුර 12 ක්, කැබිනට් ඇමතිධුරයක් සහ මහනගර සභාවක බලයක්ද සහිතව පැවැති මීගමුවේ රාජපක්ෂ පවුල්වාදය ලංසා පවුල් පාලනයට එක මිටට තබා පරාජය කිරිමේ තීරාණාත්මක මැදිහත්විම සිදුකර තිබුණේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත  විසිනි..
2015 වේ පැවති ජනපතිවරණයේදි මීගමුව වැඩි ඡන්ද 30000 කින් දිනා ගම්පහ දිස්ත්‍රික්කයද දිනවිමට රොයිස්ගේ නායකත්වය තිරාණාත්මක මැදිහත්විමක් කර තිබුණි.
ජනපතිවරණයට පෙර මිගමුවේ පැවැති අවසන් රැස්විමේදි කතාකරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ එදා කියා තිබුනේ රොයිස් විජිතට බයේ ආණ්ඩුව ඔහුව සිරගත කොට සිටින බවය . නිසි පිළිතුර මිගමුවේ ජනතාව ජනාධිපතිවරණයේදි දිය යුතු යැයිද ඔහු එදා අවධාරණය කර තිබුණි.
දැනට ගිණිඅවි පණත යටතේ කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති රොයිස්ට එරෙහිව වු ගිනි අවි පිළිබද චෝදනාව දැන් කටාන පොලිසිය විසින්ම ඉල්ලා අස්කරගෙන තිබේ.
ඒ පසුගිය මාසයේදිය.
මීළඟ නඩු දිනය යෙදි ඇත්තේ හෙටටය.