රොයිස් විජිතට මංගල පළාත් සභාව තහනම්…?

0
225

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ දිවුරුම් දිම සහ මංගල සභා රැස්විම අද දින(2014.04.22) සිදු කෙරුනද මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත හට මංගල මහ සභාව සදහා සභභාගි විම සදහා පොලිසිය ඉඩලබාදි තිබුනේ නැත.
නව පළාත් සභා මන්ත්‍රිවරුන් දිවුරුම් දිමෙන් පසු මංගල සභාව පැවත්වෙන්නටත් පෙර දැඩි පොලිස් මුරකාවල් මැද අත්වලට මාංචු දමා කඩිනමින් පොලිස් ජිප් රිය වෙත රැගෙන යනු ලැබුනේ මාධ්‍යවේදින්ට පවා පින්තුර ගැනිමට ඉඩ ලබා නොදෙමිනි.
මේ නිසා අද දින බස්නාහිර පළාත් සභාවේ මංගල රැස්විම පමණක් නොව 104 දෙනෙකුගෙන් සමන්විත සභාවේ සභාපතිධුරය ඇතුළු අනෙක් නිල වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේදි ඡන්දය ලබාදිමේ අයිතියද මේ අනුව රොයිස් විජිත මහතාගෙන් උදුරාගෙන තිබුණි.
එමෙන්ම පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත හට දැමිම සදහා මීගමුවේ ඔහුගේ සහෝදර නාගරික මන්ත්‍රිවරුන් විසින් රැගෙන ගොස් තිබුණ ඕකිඩ් මල් මාලය නැවතත් ඔවුන්ට මීගමුවටම රැගෙන යන්නට සිදුව ඇත.roies 1roies 2roies 3roies 6roies 5