රොෂෙන් චානක ඝාතනයේ තෙවන සැමැරුම අද …

0
82

100කටුනායක නිදහස් වෙළද කලාප අරගලයේ දී මිය ගිය හා තුවාල ලැබූ කම්කරුවන් සිහිකිරීමත් ඔවුන්ට සාධාරණතත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා පැවැත්වෙන අඛන්ඩ මාසික උද්ඝෝෂණය මෙවරත් ජුලි 01 සවස 5ට කටුනායක පොලීසිය ඉදිරිපිට දී පැවැත්වීමට නිදහස් වෙලද කලාප සහයෝගීතාවය විසින් කටයුතු යොදා තිබේ.මේ උද්ඝෝෂණය සම්බන්ධව අදහස් දැක්වූ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා….

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණත පරාජය කරන්න පුලූවන් වුනේ කටුනායක නිදහස් වෙලද කාලාපයේ ඇති වූ දැවැන්ත උද්ඝෝෂණය නිසයි. මෙම උද්ඝෝෂණයේ දී රොෂේන් ශානක තරුණ කම්කරුවා ජීවිතය රජය බිලි ගත්තා. තවත් 7 දෙනෙකු වෙඩි වැදිලා සදාකාලික අබ්භගාතයන් බවට පත්වුනා. තුවාල වූ ගනන 200කට වැඩියි.

එවැනි විශාල පරිතා්‍යාගයක් කළ කම්කරුවන් සිහිකරන්න එම සටනේ නියමුවන් යැයි එදා කියාගත් වෘත්තීය සමිති නායකයන් කවුරුවත් අද නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මම නියෝජනය කරන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය මෙම විශ‍්‍රාම වැටුප් අරගලයේදී කිසිම දෙයක් කළේ නැහැ. අපි කළ එකම දෙය මෙම උද්ඝෝෂණය වීඩියෝ කරන්න ගිහින් කැමරාව කුඩු කරගත්ත එක විතරයි. එ් ඇරුනම අපි කිසිම දෙයක් කළේ නැහැ. අරගලය සංවිධානය කරන්නවත්, ආරම්භ කරන්නවත් මෙහෙයවන්නවත් අපි ගියේ නැහැ.

ජයග‍්‍රාහී අරගලයේ කීර්තිය වෙනුවෙන් ගොඩක් අය එදා පෙනී සිටි නිසා අපට එන්න අවශ්‍ය තාවයක් තිබුනෙත් නැහැ. නමුත් මාස 2 ක යන විට අපි දැක්කා ඒ ගැන තිබෙන උණුසුම පහව යන බව. මෙම අරගලේ හිටපු කම්කරුවන් කිහිප දෙනෙක් ඇවිත් අපිට කියනවා රොෂේන් සිහිකරල පැවැත්වෙන මාස 3 නේ පිංකමට එන්න සහයෝගය දෙන්න කියලා.

එහි දී අපි දේශපාලණ පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සියල්ලටම කතා කරල ලොකු උත්සවයක් සංවිධානය කරනවා. විශාල පිරිසක් එතනට රැස්වෙනවා. නමුත් ඊලගට පවත්වන්ට සුදානම් කළ ආගමික උත්සවයට පංසලට ආපු විවිධාකාරයේ බලපෑම් නිසා ඇවරියවත්ත පන්සලේ ලොකු හාමුදුරුවො පන්සල වහල ඉඹි යතුරු දාල කොළඹ යනවා.
අරගලයේ නායකනයන් කියා ගත් උදවිය මෙය මගහැරිය නිසාත්, මිය ගිය රොෂේන් ශානකගේ පවුලේ අයගේ ඇති වූ උනන්දුව මතත් මේ සිදු වුණු අකටයුත්තට විරුද්ධව කම්කරුවන්ගේ පැත්තෙන් හඬක් නගන්න මැදිහත් වීමක් අවශ්‍යයි කියලා අපි පසුව කල්පනා කළා.
ඉන් පසුව අපි සෑම මාසකෙම 1 වෙනිදා කම්කරුවන්ට වෙඩි තියපු ඔලූ පලපු පොලීසිය ඉදිරිපිටට ගිහින් මේ සම්බන්ධව සාධාරණයක් ඉටු කරන්න කියලා නිහඩ උද්ඝෝෂණයක් කරනවා. ජූලි 01 වෙනිදා පැවැත් වෙන්නේ මෙහි 33 වෙනි සැමරුම.

ටික දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට අඛන්ඩව සභභාගීවන පිරිසක් අද වන විට නිර්මාණය වෙලා. අපි කතා කරත් නැතැත් ඒ අය 1 වෙනිදාට මෙතනට එනවා. මම හිතන්නෙ මෙහෙම අඛන්ඩව පැවැත්වෙන එකම මාසික උද්ඝෝෂණ මෙය වෙන්නැති. අපි පොඩිය නමුත් අලූත් සංස්කෘතියක් නිර්මාණය කළා.අපි ඉල්ලන්නෙ සාධාරණය, ජනාධිපති කොමිෂන් පත්කළා. කෝ වාර්තා. මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් කළා කෝ වාර්තා. කවුද කම්කරුවන්ට වෙඩි තියන්න නියෝග කළේ. වෙඩි තැබූ අය අධිකරණයට තවම ඉදිරිපත් කරල නැහැ.
අපි ගොඩක් සාර්ථක නැහැ. සංස්කෘතියක් හදන්න උත්සාහ කරනවා. අපේ ජීවිතේ හැම මාසෙම 01 වෙනිදා වෙන් කර ගෙන තියෙන්නේ මියගිය, ගුටිකාපු උන්ට සාධාරණය ඉටු කර දෙන්න. එහෙම තමයි සංස්කෘතීන් හැදෙන්න ඕන. එ් වුණාට වෘත්තීය සමිති අද එන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් කරන එකට එනවා. ඊට පස්සේ එයාලට මතක නැහැ එහෙම එකක් තිබ්බද කියලා.
theindependent