රොහින්ග්‍යා ප්‍රජාවගේ ගැලවීම ඇත්තේ ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පමණයි..

0
192

d94f39f20ff94d6ea1d3ee48064faaf1_18

බුරුම  හමුදාව විසින් රොහින්ග්‍යා ජන කොටසට එරෙහිව ක්‍රියාත්මක කරමින් සිටින දරුණු භූමි ප්‍රතිපත්තිය නිසාවෙන් මේ වන විට දසදහස් ගණන් රොහින්ග්‍යාවරුන් තමන්ගේ ජීවිත ආරක්ෂාව සදහා පලායමින් සිටින බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. Burmese Rohingya Organisation Uk සංවිධානයට අනුව මේ වන විට රොහින්ග්‍යා ජාතිකයන් 1000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නමුත් එම සංවිධානය පවසන්නේ මරණ සංඛ්‍යාව ඊට වඩා වැඩිවිය හැකි බවයි. මේ වන විට බුරුම හමුදාව විසින් ගමින් ගමට යමින් රොහින්ග්‍යා ප්‍රජාවට අයත් නිවාස,ව්‍යාපාරික ස්ථාන වැනිදේ විනාශකරමින් ගිනි තබන අතර ඒවාට විරුද්ධවීමේ හැකියාවක් හෝ රොහින්ග්‍යා ප්‍රජාවට නැති බවයි  වාර්ථ වන්නේ.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සේයිඩ් ර’අඩ් අල් හුසේන් මහතා පවසන්නේ මේ වන විට බුරුමයේ සිදුවන සිදුවීම් සිදුවිය හැකි බවට අනාවැකි පල කල තිබූ බවයි. ඒ නිසාම ඒවා වලක්වාගැනීමේ හැකියාව පැවති නමුත් මේ වන විට එම සිදුවීම් ඉතාමත් බිහිසුණු ආකාරයෙන් පැතිරෙමින් පවතින බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ආයුධ සන්නද්ධ රොහින්ග්‍යා කණ්ඩායක් විසින් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු රොහින්ග්‍යා  ගලවා ගැනීමේ හමුදාව විසින් දැවැන්ත හමුදා ක්‍රියාන්විතයක් දියත් කල අතර එහි ප්‍රථිඵලයක් වශයෙන් සිය ගණනක් පිරිස් ඝාතනය වීම්,ගම්බිම් විනාශවීම්,හා රොහින්ග්‍යා කාන්තාවන් විශාල වශයෙන් දූෂණය කිරීමේ සිදුවීම් වාර්තා  විය.මේ සිදුවීම් මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කර ඇති අතර, මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශන කාර්ය සාධක මෙහෙයුමක් ආරම්භකලත් ඒ සදහා බුරුම රජයෙන් අවසර හිමී වී නැහැ. 

තමන්ගේ ජන කොටසට විරුද්ධව සිදුවන මේ මිලේච්ඡ සිදුවීම් සම්බන්දයෙන් අදහස් දක්වන රොහින්ග්‍යා ජනතාව පවසන්නේ 2016 වසරේදී අවුන් සාන් සුයී බලයට පත්වූ විට තමන්ට සහනයක් හා සාධාරණයක් ඉටුවේය යන බලාපොරොත්තුව තමන් සතුව තිබුණත් අවුන් සාන් සුයීගේ බලයට පැමිණීමෙන්ද තමන්ට සිදුවන පීඩාවන්ගේ වෙසක් හෝ අඩුවීමක් සිදුනොවූ බවයි. ඇය විසින්ද තම ජනප්‍රජාව පීඩනයට පත්කල නීති හා ප්‍රතිපත්තීන් වත් කිරීමක් සිදුනොකල බව පවසන් රොහින්ග්‍යාවරුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ 2012 තමන්ට විරුද්ධව සිදුවූ පහරදීම් නිසා නිවාස අහිමි වූවන් ජීවත්වන කදවුරු වෙත ලබාදෙන ආධාර සම්බන්දයෙන් පනවා තිබූ තහනම්ද අවුන්සාන් සුකී විසින් ඉවත් නොකල බවයි. ඒ නිසා කුඩා දරුවන් මියගිය අතර ජීවත්වන පිරිස් මන්දපෝෂණයෙන් පෙලෙන බවත් රොහන්ග්‍යා ප්‍රජාව චෝදනා කරනවා.

රොහින්ග්‍යා ප්‍රජාවට හිතකර වන ආකාරයට බුරුම රජයෙන් සිදුවූ එකම සිදුවීම වන්නේ එක්සත් ජාතීන්ගේ ලේකම් කොෆී අන්නන් මතාගේ සභාපතීත්වයෙන් යුතු කොමිසමක් පත්කිරීම වන බව වාර්ථා කරන ජත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එමගින් පවා රොහින්ග්‍යා ජාතිකයන්ට සීමිත ජනවරමක් පමණක් හිමිවී ඇති බවයි.

කෙසේ හෝ මේ වන විට බුරුමය තුල සිදුවන යුධමය ක්‍රියාකාරීත්වය හේතුවෙන් දහස් ගණන් රොහින්ග්‍යා ජාතිකයන් රැකවරණය පතා බංගලාදේශයට ඇතුල් වන බව වාර්තා  වන අතර එසේ පැමිණෙන්නන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් බවද ජත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

 

සටහන-චින්තිකා මිතිලායා
http://www.aljazeera.com අසුරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here