රෝගින් සදහා දෙනු ලබන වෛද්‍ය ආධාර මුදල් සිමා කරන්නැයි දයාන් ලංසා ඉල්ලයි ?

0
59

Dayan-lansaමීගමුව මහනගර සභාව විසින් මෙතෙක් කල් ලබා  දෙනු ලැබු වෛද්‍ය ආධාර මුදල් සිමා කළ යුතු යැයි යෝජනාවක් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසා විසින් පසුගිය මහසභා රැස්විමට ගෙන ඒමේ සුදානමක් පැවැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙසේ මහජනයා වෙත වසර ගණනාවක් පුරාවට දෙනු ලැබු සුභසාධාන ආධාරය නතර කිරිමට ගෙන එනු ලැබු යෝජනාවට එරෙහිව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් විසින් බරපතල විවේචනයක් ගෙන ඒමට නියමිත බව වාර්ථා විමෙන් අනතුරුව දයාන් ලංසා මන්ත්‍රිවරයා විසින් එකි යෝජනාව ඉල්ලා අස්කර ගෙන ඇතැයි වාර්ථා වේ.