රෝගී වු සිය ගම අමතක නොකළ ඔහු ……..

0
301

වකුගඩු  රෝගයට ගොදුරැව අකාලයේ මිය යන සිය ගණනකගේ ජිවිත ඉන් බේරාගැනිම සදහා සිංදු කියා මදුල් සොයා ඒ මුදල් ගම්වල ට ගොස් වකුගඩු රෝග තතත්වයන් ගැන කලින් දැනගැනිම ට අවැසි වෛද්‍ය පර්යේෂණ සදහා අවැසි බේත් ද්‍රව්‍ය වෙනුවෙන් යොදන්නට ජයතිලක බණ්ඩාර තින්දු ගන්නේ කලාකරුවෙකුට තිබිය යුතු  හෘද සාක්ෂියකට ඔහු හිමිකම් කියන නිසාවෙනි.
ඔහුගේ එදා අරගල දිවියේ සටන් සගයෙකු වු කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයා අද උතුරු මැද පළාතේ ආණ්ඩුකාරයාය.දිවුල්ගනේට මෙන්ම ජයතිලකටත් තවත් බොහොමයකටත් ගිත ලියු අපට සිටින අග්‍රගන්‍ය ගි පද රචකයෙකු වු සහ අපගේ මීපුර පුවත් පතට මීට වසර 12 කටත්  පෙර මීපුර යැයි නම් තැබු මහින්ද චන්ද්‍රසේකර මිතුරා ආණ්ඩුකාරවරයාගේ ලේකම්තුමාය.
රටම දන්නා තවත් ගායකයන් සහ බොහෝ දෙනෙක්ගේ ගම් පියස් ආවරණය වන්නේ රජරට නම් වු පද දෙක හරහාය.

ඒ රජරට දැන් රෝගීය…
ඒ අය වෙනුවෙන් 2013 අප්‍රේල් 27 වනදා සවස ”ජිවිතයට අරුතක් ”නමින් වු ගී ප්‍රසංගයක් අනුරාධපුරේ පැවැත්විණි.
පහත සටහන එයට සහභාගි වු සහෘදයෙක් අතින් ලියැවුණකි.

රජරට රෝගී වූ දුප්පත් අහිංසක දනන් වෙනුවෙන් මානවවාදී ගුණයෙන් පිරිපුන් කලාකරුවකු ලෙස ජයතිලක බණ්ඩාරයන් ඊයේ සවස් යාමයේ අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුරු රංග ශාලාවේදී යළිත් සිය ගී හඬ අවදිකළේ සිය ජනතාවාදී බව නැවත නැවතත් තහවුරු කරමිනි. එහි පැමිණ සිටියේ කලාවත් රසවින්දනයත් විනිවිදව මිනිසත් බව දුටු මිනිසුන්ය. අවම සංගීත භාණ්ඩ කිපයක් උපයෝගී කර ගනිමින් දිලිසෙන ඇඳුම් ආයිත්තම්, සැරසිලි, විදුලි අලංකරණ ආලෝක, කිසිවක් නොමැති ව, පොදු ජනතාව අතරට යාමට “මුදල” අත්‍යවශ්‍යක සාධකයක් නොවේය යන මතය තහවුරු කරමින් ජයතිලක බණ්ඩාරයන් ” ජීවිතයට අරුතක්” සංවේදී ගී දැහැනේ දැහැන් ගතවෙමින් රජරට රෝගී ජනතාව වෙනුවෙන් හෝරා තුනකට ආසන්න කාලයක් ගී ගැයුවේ ය. ඔහුට අවශ්‍යම වූයේ ජනතාව අතර සිට ජනතාවගේ හඬ නගන නියෝජිතයෙක් වීම විනා සුපිරි ගී තරුවක් විම නොවේ. ප්‍රසංගය අතරමැද දී ඔහු ගේ දෑසින් කඳුළු කඩා වැටෙද්දී මහත් ආයාසයකින් නැවත ප්‍රසංගය සමග ඒකාත්මීය විය. ඒ තමන් තෝරාගත් මේ දුෂ්කර ගමන් මග වටා එකතුවූ රසිකයන් බහුතරය වට සිටි නිසාය. “ජීවිතයට අරුතක්” සංවේදී ගී දැහැන ‍සිංහල බසින් පමණක් නොව දෙමල බසින්ද ඉදිරිපත් කරමින් සියලුම මිනිසුන් වෙනුවෙන් ඔහු සිය හඬ අවදි කළේ ඒ මිනිස්කම වටහාගන්නා සියලු මිනිසුන් වෙනුවෙනි….. කොළඹදී සුපිරි රංග ශාලාවක ප්‍රසංගයක් වෙනුවෙන් ගතකරන හෝරා දෙක තුනට වඩා බොහෝ වටිනාකමක් ඇති හෝරා කීපයක් ඊයේ අනුරාධපුරයේ දී ලැබූයෙමි..”

උපුටා ගැනිම – දයානන්ද රත්නායක මහතාගේ ෙෆ්ස් බුක් අඩවියෙන්…