රෝගීන්ට සුභ ආරංචියක් ! මීගමුව රෝහලටත් දැන් E E G යන්ත්‍රයක් !

0
304

IMG-20190911-WA0005(4.40pm )මීගමුව  රෝහලට  මෙපමණ  කලක්    පරීක්ෂණ   කටයුතු   සඳහා  අඩුවක්වී  තිබුණු  E E G නම්වූ  යන්ත්‍රයක්  පසුගිය  දිනවල   රෝහලට  ලබාගැනීමට  හැකිවී  ඇත.  මෙම  උපකරණය  මගින්  සිදුකෙරෙන්නේ  මිනිස්  සිරුරේ  හිස  කොටස  පරීක්ෂා කර  බැලීමයි.  තාවකාලික  ස්ථානයක  දැනටමත්  මෙම  උපකරණය  යොදා ගනිමින්  ප්‍රතිකාර  කරන බව  මෙම  යන්ත්‍රය  භාරව  කටයුතු  කරන  ජයනි  චතුරිකා  ලියනගේ  මහත්මිය  අප  සමඟ  පැවසීය.  විද්‍යුත්  නිකර්පන  රේඛන  ශිල්පිනිය    ලෙස  ඇය  සිදුකරන  මෙම  කාර්්‍ය  හඳුන්වන  අතර  මේ  සඳහා  හිස  පිළිබඳව  විශේෂඥ  වෛද්‍යවරයෙකුද  ඇත.  ජයනි  මහත්මිය  ප්‍රකාශ කරන  ආකාරයට  මෙය  අදාල  රෝගීන්ට  විශාල  සහනයක්  ලබාදෙන  කාරණයකි.  පිටස්තර  රෝහලකින්  මෙම  පරීක්ෂණය  කර ගන්නේ නම්  දින  වෙන්කර ගැනීමට  සිදුවේ.  එසේම  ඒ  සඳහා  දින  තුනක්  යායුතුව  ඇත,  ඒ  සඳහා  AMBULANCE  අවශ්‍යවේ.  මෙහිදී  කාලය  සහ  මුදල්  වියදම  ආදිය  ගත්විට  මෙය  ජනතාවට  මහඟු  සේවාවක්  සපයන්නකි.  මෙම  උපකරණයෙන්  පරීක්ෂණ  කටයුතු   කළ  මාසයක්  වැනි  පසුගිය  කාලය  තුළ  රෝගීන්  84  දෙනෙකුගේ   පරීක්ෂණ  සිදුකිරීමට  හැකිවූ  බව   ජයනි  මහත්මිය  ප්‍රකාශ කරයි.IMG-20190911-WA0000

නියෝජ්‍ය   රෝහල්  අධ්‍යක්ෂක  මහේන්ද්‍ර  මහතාගේ  මැදිහත්වීමෙන්   මේ  සදහා  ස්ථිර  ස්ථානයක්   සූදානම්  කර  දුන්  පසුව  එකී  ස්ථානය  සුදුසු  පරිදි  සකස් කිරීමට  දායකත්වය  දෙන්නේ  අයන්  ටෙක්ස්  ආයතනයයි.  මෙම  ආයතනයේ  අධිපති  නලින්  මහතා  විසින්  මේ  සඳහා  මුදල්  වැය  කරමින්  කර  ඇත්තේ  මහඟු  සේවාවකි.

Virus-free. www.avast.co