රෝහල් වල ඔක්සිජන් හිඟයක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
358

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කර ඇතැය ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

කලුබෝවිල රෝහලේ , කොළඹ නැගෙනහිර මූලික රෝහලේ සහ මුල්ලේරියාව රෝහලේ COVID-19 රෝගීන් සඳහා ඔක්සිජන් හිඟයක් පවතින බවට මාධ්‍ය වාර්තා මේ අනුව ඔහු ප්‍රතික්ෂේප කළේය.
“සෞඛ්‍ය අංශයට වෛද්‍ය ඔක්සිජන් සපයන කර්මාන්තශාලා පවසා ඇත්තේ ඔවුන් සතුව ප්‍රමාණවත් තරම් තොග ඇති බවත් අවශ්‍ය විටෙක ඒවා ලබා දීමට සූදානම් බවත්ය. COIVD රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වලට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර යෙදවීමට අපි කටයුතු කරමින් සිටිමු. මේ අනුව, ඔක්සිජන් තොගවල හිඟය පිළිබඳව කලබල නොවන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here