ලංකාදිපේ කියන ලෙඩාට මෝචරියේදි පණ ආපු කථාව ටොම් පචයක් …

0
402

ලංකාදිප මෙන්ම තවත් ජාතික මාධ්‍ය කිපයක්ම මිගමුව රෝහල තුල සිදුව ඇති බරපතල වෛද්‍ය නොසැලකිල්ලක් පිළිබදව වු පුවත අතිශයෝක්තියට නගා එහෙම පිටින්ම ටෝම් පචයක් පළකර තිබේ.
ලංකාදිප පුවතට අනුව රෝගියාට පණඇවිත් තිබුනේ මෝචරිය තුලදිය
මේ පිළිබදව අදාල රෝගියාගේ පාර්ශවය පවා කථා කළේ දැඩි පිළිකුලෙනි.

මිගමුව පිටිපන ප්‍රදේශයේ දියවැඩියාවෙන් පෙළුන රෝගියෙකු මිගමුව රෝහලට ගෙනවිත් තිබුනේ ඊයේ (09) අලුයම 4.50 ට පමණය.
පවුලේ අය කියන පරිදි මෙම රෝගියා අලුයම සිට ගැහෙමින් වෙව්ලමින් සිටි නිසා රෝහලට ගෙන ඒමට කටයුතු කර තිබේ.

මිගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකය තුලදි වෛද්‍යවරයා මේ රෝගියා පරික්ෂා කර ඇත්තේ 5.30 ට පමණ බව ඥාතිහු පවසති.
රෝගියා පරික්ෂා කර බැලු වෛද්‍යවරයා රෝගියා අසල සිටි බිරිදට තුණ්ඩුවක් ලියා දි තිබුනේ එය රෝහල් පොලිසියට දෙන්නට යැයි කියාය.
ඇය රෝහල් ඒපොලිසියට ගොස් මේ තුණ්ඩුව දෙන අතර විමසා ඇත්තේ ඒ ඇයිදැයි කියාය .එවිට පොලිසිය කියා තිබුනේ මේ රෝගියා මිය ගොස් ඇතැයි දැනුම් දි ඇති බවය.
එවිට ඇය යළි දුවවිත් රෝගියා ගැන විමසන විට රෝහලට ගෙන ආ ට්‍රොලිය උඩම ලෙඩා සිටි අතර ඒ වන විටත් පොලිතින් එකකින් සිරුර වසා දමා තිබි තිබුණි.
ඇය හඩමින් රෝගියාගේ හිස අත ගාමින් සිටියදි දැකගන්නට ලැබුනේ රෝගියා අත සොලවන බවත් වතුර ඉල්ලනට මෙන් තොල් සොලවන බවත්ය.
මේ බව වෛද්‍යවරයාට කඩිනමින් දැනුම් දි තිබුන අතර වහා ප්‍රතිකාර ක්‍රියාත්මකව තිබේ.
රෝගියාගේ සිනි මට්ටම ඉතා දරුණු ලෙස පහත බැස තිබුන අතර ඒ සදහා කඩිනම් ප්‍රතිකාර ලැබිමෙන් පසු රෝගිය පියවි තත්වයට පැමිණ තිබේ.
පසුව රෝගියාව මිගමුව රෝහලේ 04 වෙනි වාට්ටුව වෙත යවා තිබුණි.

අදාල වෛද්‍යවරයා විසින් සිදුකර ඇත්තේ බරපතල වෛද්‍යමය නොසැලකිල්ලකි.එය කිසි සේත්ම සමාව දිය නොහැකි එකක් වන්නේ වෛද්‍ය විද්‍යාවේ පිලිගත් මුලධර්ම වලට පවා එය පටහැනි වනවා පමණක් නොව ආචාරධර්ම වලට පටහැනි ව ඇති නිසාය.
මාධ්‍ය මැදිහත්වි රටතුල සංවාදයක් ගොඩනැගිය යුුතුව ඇත්තේ මෙවන් බරපතල වැරදි යළිත් රෝහල් තුල සිදුනොවන අකාරයෙන් වැඩපිළිවෙලක් ගොඩනැගිම වෙනුවෙනි.
තතු එසේව තිබියදි ඇතැම් ජාතික මාධ්‍ය විසින් අමුලික බොරුවක් නිර්මාණය කරමින් පළකර තිබුනේ රෝගියාව මෝචරියට දැමු පසු පණ ආ බවට වු කථාවක් ගොතමිනි.
ඒ පුවත ඒ මාධ්‍යවලට යැවු මාධ්‍යවේදියා අඩුම තරමින් රෝහල් පොලිසියෙන් වත් ඒ ගැන විමසා සිටියේ නම් ඇත්ත කුමක්දැයි දැනගත හැකිවනු ඇත.
මුලික ප්‍රතිකාර ඒකකය තුල සිදුවු මේ සිද්ධිය දේහය මෝචරියට යවා එහිදි පණඇවිත් ඇතැයි යනුවේන් ටොම් පචයක් මේ අනුව නිර්මාණය කර තිබේ.
මිගමුවේ බහුතරයක් මාධ්‍යවේදින් තොරතුරු මුලාශ්‍ර ලබාගන්නේ උසාවිය සහ පොලිසියෙනි.ඒ අයගේ ප්‍රවෘත්ති වාර්ථාකරණයේ මුලික පදනම වි ඇත්තේ එකි මුලාශ්‍රයන්ය
එහෙත් මේ පුවත පළකිරිමේදි තොරතුරු මුලාශ්‍ර කිසිවෙකුගෙන් ලබාගෙන ඇති බවක් නොපෙනන අතර කාගේ හෝ කටකථාවක් එහෙම පිටින්ම පුවතක් බවට පත්කරමින් ජාතික මාධ්‍ය වල පාඨකයාවද නොමග යවා තිබේ.