ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව හෙට ( 23 )ඉන්දියාවේ සහය ලංකාවට නොලැබෙන ලකුණු ?

0
100

මෙරට මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (23) පැවැත්වීමට නියමිතව තිබේ.
එය බොහෝ දුරට පෙරවරුවේ පැවැත්විමට ඇති ඉඩ කඩ වැඩි බව ජිනිවා ආරංචි මාර්ග දක්වා සිටි

යෝජනාව පරාජය කිරීමට නම් ශ්‍රී ලංකාව සාමාජික රටවල් 47ක් අතුරින් 24ක ඡන්දය දිනාගත යුතුය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීමේදී ඉන්දියව ලංකාවට එරෙහිව ජන්දය දීම හෝ ජන්දය දීමෙන් වැළකී සිටීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය දක්ව තිබේ

ඒ ලබන අප්‍රේල් 06 වැනිදා තමිල්නාඩු ජන්දය පැවැත්වීම මේ සදහා හේතු වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති බැව් වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

යම් හෙයකින් මානව හිමිකම් කොමිසමේදී ලංකාවට පක්ෂපාතී ස්ථාවරයක සිට ජන්දය ප්‍රකාශ කළහොත් එය තමිල්නාඩු මැතිවරණයට අහිතකර ලෙස බලපානු ඇති බවට මත පළව තිබීම ඉන්දියාවේ මෙම ස්ථාවරයට හේතු වී ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.