ලංකාවේ මාළු ගන්න කුවේට් කැමතියිලු..

0
135

පර්සියන් ගල්ෆ් ආර්ථිකයක් මෙන්ම ජලජීවී වගාව හා බැදුනු දීර්ඝකාලීන ජීවන සම්ප්‍රදායක් ඇති රාජ්‍යයක් වන කුවේට් රාජ්‍ය, ශ්‍රී ලංකාවෙන් මසුන් ආනයනය කිරීමට කැමත්ත පලකර ඇති බව වාර්ථා වෙනවා. පසුගිය ජුලි 18 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර පැවැති එක්සත් ජාතී්න්ගේ වෙලද හා සංවර්ධන සමුළුවට සමගාමීව මෙරට කර්මාන්ත හා වානිජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා හා කුවේට් රාජ්‍යයේ වානිජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා අල් අලී මහතා සමග පැවති සාකච්ඡාවේ දී මේ පිලිබදව සාකච්ඡා කර තිබෙනවා.

මින් පෙර ආසියාතික රටවල් වලින් මසුන් ආනයනය කලත් තවමත් ශ්‍රීලංකාවෙන් මසුන් ආනයනය කිරීමට යොමුවී නැති නිසා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට තම රාජ්‍යය සූදානම් බව එරට අමාත්‍යවරයා පවසා තිබෙනවා. විශේෂයෙන් ටූනා මසුන් මෙරටින් ආනයනය කිරීමට තමන් වඩාත් කැමති බව පවසන අමාත්‍යවරයා, මෙරට ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දීමටද තම රාජ්‍ය සූදානම් බවත් තවදුරටත් පවසා තිබෙනවා.

එලෙසම ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට පමිණෙන කුවේට් ආයෝජකයන් පිලිගැනීමටත් ඔවුන්ට අවශ්‍ය උපරිම සේවාව ලබා දීමටත් මෙරට සූදානම බව අමාත්‍ය බදුර්දීන් මහතා පවසා තිබෙනවා.මේ නිසා නුදුරේදීම ශ්‍රීලංකාවේ ධීවර කර්මානයට කුවෙට් ආයෝජකයන්ගේ පැමිණීම සිදුවනු ඇති.

tuna-yellowfin-tuna-at-negombo-market1

z_p16-Another-01

news.lk ඇසුරිණි.