ලංකාවේ සුනඛයින්ට අාදරේ කරන වෛද්‍ය ‘ජෙනී’

0
233

5

පසුගිය වසර තුනක කාලයක සිට මෙරට ජීවත් වන වීදි සුනඛයන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කල එංගලන්ත ජාතික පශු වෛද්‍යවරියක් පිලිබදව පසුගිය දිනක BBC නාලිකාවේ වැඩසටහනකින් ඉදිරිපත් කෙරුණා. ඇය නමින් වෛද්‍ය ජෙනී ලෝව්ස් (Dr. Janey Lowes). ඇය ශ්‍රීලංකාවට නිවාඩුවකට පැමිණි අවස්ථාවක මෙරට සිටි වීදි සුනඛයන් දුටු ඇය එතැන් පටන් තමන්ගේ ජීවිතය කුමන හෝ හේතුවක් මත දුක් විදින වීදි සුනඛයන් බේරා ගැනීම වනෙුවෙන් කැප කිරීමට තීරණය කලාය. මෙරට තුල ඇය විසින් සිදුකරණ මෙම සුවිශේෂී අනුකම්පා සහගත ස්වේච්ඡා සේවයට බ්‍රිතාන්‍ය රජය විසින් පිරිනමන Point of Light Award සම්මානයද හිමි වූ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් අයගේ කරුණාව හා ප්‍රශංසනාත්මක ක්‍රියාකලාපය අගය කරමින් මෙරට ජීවත් වන මිනිසුන් ජලභීතිකා රෝගයෙන් බේරා ගැනීමට අවශ්‍ය එන්නත් කිරීම් කිරීමටත් ඇයට පවසා තිබෙනවා. තමන්ගේ අභිලාශය තවදුරටත් ක්‍රියාත්මක නිරීම සදහා ඇය විසින් WeCare නමින් සංවිධානයක්ද ලොවපුරා ආරම්භ කර ඇති අතර 2016 වසරේදී  UK Daily Mirror Animal Heroes Awards හිදී වසරේ පශු වෛද්‍යවරිය සම්මානයෙන් පිදුම් ලැබීමටද ඇය සමත් වූවාය. පහතින් දැක්වෙන්නේ ඇය සමග කල සාකච්ඡාවකි.

ඔබ කොපමණ කාලයක් මෙරට ජීවත් වෙනවාද?

වසර තුනක පමණ සිට මම මේ රටේ ඉන්නවා.

 ශ්‍රීලංකාවට පැමිණීමට හේතුව මොකක්ද?

මම චාරිකා යන්න ගොඩක් ආසයි.ශ්‍රීලංකාව වගේ ලැයිස්තුවේ උඩින්ම තිබුණ රටක්. මම 2014දී මෙහාට ආවේ රට වටේම ඇවිදින්න. ඒ චාරිකාවෙන් මගේ ජීවිතය මේතරම් වෙනස් වේයැයි මම කිසිවිටක සිතුවේ නැහැ.

ඔබ මෙහි නැවතුනේ ඇයි?

මගේ ජීවිතයේ විශාල සන්ධිස්ථානයක මම සිටියේ, මට වැටහුණා තව කරන්න ගොඩක් දේවල් තියෙන වග. මම ශ්‍රීලංකාවට පැමිණි විට මට මේ රට ගැන, මිනිසුන් ගැන හා වීදි සුනථයන් ගැන විශාල ආදරයක් ඇති වුනා. මට දැනුනා මේ දේ තමයි මගේ හිත සොයමින් සිටියේ කියලා. මේ වසර තුනක කාලය තුල මේ දක්වා ඒ හැගීම ඒ විදියටම මගේ හිතේ තියෙනවා.

WECare සංවිධානය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට ඔබ තීරණය කලේ ඇයි?

තවත් කෙනෙකු වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීම පිලිබදව මම සිතමින් සිටියේ. ඒ පිලිබදව මම සිතමින් ඉද්දී මට දැනුනා මාතර ප්‍රදේශයේ  වීදි සුනඛයන් වෙනුවෙන් කිසිවෙක් ක්‍රියාත්මක නොවන බව. ඒ නිසා මම හිතුවා මාතර,දික්වැල්ල හා තංගල්ල ප්‍රදේශවල ඒ වෙනුවෙන් වැඩකරන පොඩි සංවිධානයක් ඇති කිරීම ප්‍රෙයා්ජනවත් වෙයි කියලා. ඒ වන විටත් ක්‍රියාත්මක වන සංවිධාන හා පශුවෙද්‍යවරුන් තමන්ගේ කාර්‍යභාරය නිසි ලෙස ඉටුකලත් අපි හැමදෙනාම දන්නා ලෙස මේ ආකාරයේ කාර්‍යයක් වෙනුවෙන් විශාල පිරිසකගේ උදව්වක් අවශය වෙනවා. ඉතින් මම හිතුවා ඒ වීදි සුනඛයන් වෙනුවෙන් ඒ හිඩස පුරවන්න මට පුළුවන් වෙයි කියලා. ඒ පොඩි අදහස පසුව වඩාත් ඉක්මණින් ව්‍යාප්ත වුණා දැන් අපි ක්‍රියාකාරී බ්‍රිතාන්‍යයේ ලියාදිංචි අධාර අායතනයක් මෙන්ම ශ්‍රීලංකික රාජ්‍ය නොවන සංවිධානයක්. අපි වසරක කාලයක් තුල වීදි සුනඛයන් 2000ක්  පමණ එන්නත් කරමින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපයන අතර වැඩිදුරටත් ඔවුනට අවශ්‍ය පශුවෛද්‍යමය ප්‍රතිකාර සපයමින් සිටිනවා. දීර්ඝකාලීනව අපගේ බලාපොරොත්තුව වන්නේ නැගෙනහිර ප්‍රදේශයට අපගේ සේවාව ගෙනයාමට කලින් සම්පූර්ණයෙන්ම දකුණු පළාත අවරණය කිරීම.

සතුන් සුභසාදනය කිරීම සම්බන්දයෙන් කටයුතු කරන ඔබට මෙරටදී අත්දකින්ට ලැබුණ වඩාත්ම ඛේදජනක අත්දැකීම කුමක්ද?

එවැනි අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා.නමුත් ඒ පිලිබදව විස්තර කතා කිරීමට මම යොමු වන්නේ නැහැ. ඒවා ඒ තරම් කනගාටුදායකයි. කිසිම සත්වයෙකු ඒ මම දුටු තරම් කනගාටුදායක තත්වයකට පත්නොවන බවට මට විශ්වාසයක් ඇති වන තුරු මම දිනපතාම මේ කටයුත්තේ නිරතවෙනවා.

3

මේ සදහා ඔබ ආධාර ලබාගන්නේ කෙසේද?

අපට ප්‍රධාන වශයෙන්ම ආධාර සපයන්නේ බ්‍රිතාන්‍යයේ සංවිධාන විසින් හා මෙරට දකුණු ප්‍රදේශයට පැමිණෙන විදේශිකයන්. මෙරට තුල අපි ඇතැම් සංවිධාන ක්‍රියාත්මක කිරීමටත් කටයුුතු කරනවා. ඒ වගේව සෑම වසරකම නොවැම්බර් මාසයේදී අපි එංගලන්තයේදීත් මේ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම හිතනවා මේ වන විට මේ වැඩපිලිවෙල ශ්‍රීලංකාව තුල සාර්ථකය ක්‍රියාත්මක වන බව.

ශ්‍රී ලංකාවේ සිදුකරන වැඩකටයුතු වල විශේෂිත දේවල් මොනවාද?

එවැනි දේවල් දහස් ගණනක් තියෙනවා. මාත් සමග වැඩකරන පිරිසට වගේම මගේ රෝගීන්ටත් ම ආදරෙයි. ඒ වගේම සුවපත් වූ හා තමන්ගේ ජීවිතය බේරාගත් සුනඛයෙකුගේ ස්තූතිවන්ත ඇස් දකින විට ඇති බව හැගීම හරිම තෘප්තියක් අප තුල ඇති කරනවා. මම පශුද්‍යෛවරයෙකු වීම සම්බන්දයෙන් මම ස්තූතිවන්න වෙනවා. ඒ නිසා උදව් අවශය අයට උදව්වෙන්න පුළුවන් තත්වයක මම ඉන්න එක ගැනත් මට සතුටුයි.

එතකොට සෘණාත්මක දේවල් මොනවාද?

මගේ පවුලේ අයගෙන් වගේම මගේ යහළුවන්ගෙන් වෙන්වී සිටීම ටිකක් අමාරුයි. මේ කාලයේදී මගේ යහළුවන් විවාහ වන අතර සමහර යහළුවන් තමන්ගේ පලමු දරුවන් ලබමින් සිටිනවා. ඒ නිසා ඒ වගේ මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් මගහැරෙන එක ගැන මට කනගාටුයි. ශ්‍රීලංකාවේ මගේ පවුල ජීවත් වන්නේ තලල්ල ප්‍රදේශයේ. ඒ අය මාව ආදරයෙන් බලාගන්නවා. මම කලින් සදහන් කල අවස්ථාවන්ට මුහුණ දීමට ඒ අය මට ශක්තියක්.

ඔබගේ ආදරය හා කරුණාව විශේෂයෙන්ම ඇත්තේ සුනඛයන් වෙනුවෙන් විතරද? නැතිනම් අනිත් සතුන් වෙනුවෙනුත් එය එසේමද? 

මම හැම සතෙක්ටම ආදරෙයි. නමුත් මම හිතනවා සුනඛයන්ට සමග මට විශේෂ බැදීමක් තියෙනවා කියලා. ඒකට හේතුවක් මම දන්නේ නැහැ. මම පොඩිකාලයේ ඉදන්ම එහෙමයි, බල්ලන්ගේ තොර ලෝකයක්  පිලිබදව සීතීම පවා මට අපහසුයි. ඔවුන් අපේ ජීවිතයට විශාල සේවාවක් කරනවා. ඒ නිසා ඔවුන් සමග කටයුතු කිරීමට ලැබීම මගේ වාසනාවක් ලෙස මම සලකනවා.

1

මේ වන විට සතුන් කී දෙනෙක් ඔබ බලා ගන්නවාද?

මේ වන විට අපි වීදි සුනඛයන් 50ක් පමණ බලාගන්නා අතර සුනඛයන්  20ක් පමණ අපේ සායනයේ සිටිනවා.

ඔබගේ සාමාන්‍ය දිනයක් ගෙවෙන්නේ කොහොමද?

සුනඛයන්ට යම්කිසි වූ නිශ්චිත චර්‍යාවක් නැති නිසා මගේ දිනය හරියටම ගෙවෙන්නේ මෙහෙමයි කියන්න බැහැ. මම ත්‍රීවීල් එකක නැගලා මාගේ උදව් අවශ්‍ය සුනඛයන් සොයමින් යනවාට අමතර මගේ වෙබ් අඩවි, ගිණුම් සැකසීම, වාර්ථා සැකසීම හා අරමුදල් එකතු කිරීම වගේ වැඩකටයුතු කරනවා. අපේ මේ වැඩපිලිවෙලවල් වලදී අපි සාමාන්‍යයෙන් දිනකට පැය 12ක් පමණ අවගේ උපකාර අවශය සුනඛයන්ට සොයන, ඔවුන්ව අලල්න, හා එන්නත් කරන කටයුතු කරනවා. ඔවුන්ව නිදහස් කිරීමට කලින්. අපි අපගේ සේවවාන් ගැන ආඩම්බර වෙනවා.එංගලන්තයේදී ඇති ප්‍රමිතීන්ට අනුව අපි අපගේ සේවය සුනඛයන්ට මෙහිදී සපයනවා. අපිට බොහෝ අවස්ථාවන් වලදී සුනඛයන්ට ප්‍රථීකාර කිරීමට සිදුවන්නේ පාරෙදී වුනත් අපි අපගේ සේවාවේ ප්‍රමිතිය පවත්වාගන්න වගබලාගන්නවා.

ඔබ විවේකී වේලාවන් වලදී මොකද කරන්නේ?

2017 වසරේදී මම මං වෙනුවෙන් වැඩිපුර කාලයගතකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ විශාල ආශාවක් තියෙනවා සතියකට 4 වතාවක් පමණ surf කරන්න බලාපොරොත්තු වෙනවා. මං මුලින් ගොඩක් නිදහසේ මාගේ කටයුතු කල කෙනෙක් නමුත් පසුගිය කාලයේ මම ගොඩක් පීඩනයෙන් තමයි වැඩ කටයුතු කලේ, ඒ නිසා ඒ හැමදේම සමබරකරගෙන වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

තවත් අවුරුදු 5කින් WECare Worldwide සංවිධානය  කොතැනක තියේවිද?

ඉදිරි අවුරුදු 5ක කාලය තුල මගේ ඉල්ලකය තමයි දකුණු ප්‍රදේශයේ සිටින සුනඛයන්න්ගෙන් 70%ක් පමණ වද තත්වයට පත්කරන ඔවුනට අවශ්‍ය වන එන්නත් ලබා දීම සම්පූර්ණ කරන්න. රජයේ පශුවෛද්‍යවරුන් හා සංවිධාන වලින් ඉටුවන කාර්‍යයභාරය හා අපගේ සංවිධානයෙන් ඉටුවන කර්‍යභාරය සැලකීමේදී මේ ඉල්කකය යථාර්තයක් බවට පත්කරගැනීමට හැකි වෙතැයි විශ්වාස කරනවා.අපිට මේ කාර්‍යය ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න අපට බැරි කමක් නැහැ. එමගින් ශ්‍රීලංකාව ජලභීතිකාව තුරන් වූ, වීදි සුනඛ ජනගහනය පාලනය වූ ලස්සන හා සෞඛ්‍ය සම්පන්න රටක් ඇති කරන්න පුළුවන් වේ යැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලංකාවේ ඉහල තත්වයේ පශුවෛද්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම මගේ ලොකු හීනයක්. එමගින් අපිට අවශ්‍ය පිරිස් වෙත අවශ්‍ය දැනුම ඉහල ප්‍රමිතියකින් ලබා දෙන්න හැකියාවක් ලැබේවි.නිවෙස් වල ඇතිකරන බල්ලන්ට මෙන්ම වීදි සුනඛයන්ටත් තිරසාර හා වෙනස් වූ අනාගතයක් ඇති කිරීමට මෙමගින් හැකිවේවි.

2

අපගේ පාඨකයන්ට ඔබට උදව්වක් වශයෙන් මොනවගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද?

අපි දන්නවා මෙහෙ ජනතාව තමන්ගේ සුරතලාට ගොඩක් ආදරෙයි කියලා. ඒ නිසා මෙරට තුල සතුන්ට අවශ්‍ය පහසුකම් ඇති කිරීමට සාමාන්‍ය ජනතාවගේ සහය අපි අගය කරනවා. කොලඹින් පිට සතුන්ට අවශ්‍ය වායු නිර්වින්දන, එක්ස් – රේ, ස්කෑන් හා විද්‍යගාර පවතින්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්.ඉතින් අපට අවශ්‍ය ඒවා තව තවත් ඇති කරන්න. ශ්‍රීලංකාවේ පශුවෛද්‍යවරුන් ඉතාත් කටුක හා සීමා සහිත තත්වයන් යටතේ ඉතාමත් විශාල සේවයක් ඉටු කරනවා. අපි කිසිවිටකත් ඔවුන් අඹිබවා යන්න හදන්නේ නැහැ. අපට අවශ්‍ය ඔවුන්ට සහය වෙමින් අවශ්‍ය වන උපකරන හා අනෙකුත් දේවල් අවශය අවස්ථාවන් වලදී ඔවුනට සපයන්න.

වීදි සුනඛයන් වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් තවත් පැවැත්විය යුතුයැයි ඔබ හිතනවාද?

ශ්‍රීලංකාවේ සත්ව සුබසාධනය අපි දියුණු කරන්න කටයුතු කරනවානම් ඒය වඩාත් වැදගත් වනවා. පාසල් වල, ප්‍රජා ශාලාවල් වල,විශ්වවිද්‍යාල වල හා රැකියා ස්ථානවල වගේ ස්ථාන වලදී අපට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. වීදි සුනඛයන් පිලිබදව වන මූලික ගැටළු අපි මෙහිදී ආමන්ත්‍රණය කල යුතු වෙනවා. එය මිනිසුන් බල්ලන් දකින ආකාරය,ඔවුන්ට සලකන ආකාරයට වගේම මෙරට ආර්ථිකයට බලපෑමක් කරන්නත් පුළුවන්. සංචාරක කර්මාන්තය මෙරටට විශාලආදායමක් ගෙන එනවා එමගින් 37%ක් පමණ දකුණු පළාත ආශ්‍රිතව පැමිණෙන සංචාරකයන් මගින් ලැබෙනවා. සංචාරකයන් සුනඛයන්ට ආදරෙයි නමුත්  ඔවුන් අප්‍රසන්න ලෙස සිටිනු දැකීමට ඔවුන් කැමති නැහැ. ඒ නිසා සුනඛයන්ට අල්ලා වෙත් ස්ථාන වෙත ගෙනයාම හා ප්‍රදේශ අලංකාර කිරීම වැනි කටයුතු වලින් ඉවත් වෙලා නිසි ලෙස සත්ව සුභසාදන වැඩකටයුතු සිදුකිරීමට අප අවධානය යොමු කල යුතු වෙනවා.

9

ඔබගේ සේවාව සම්බන්දයෙන් ඔබට අපගේ පාඨකයන්ට කියන්න තියෙන්නේ කුමක්ද?

අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි ඇවිල්ල ඉන්නේ උදව් කරන්න කාවවත් විනිශ්චය කරන්න නෙවේ. අපි ශ්‍රීලංකාවට ආදරෙයි. අනිත් හැම රටවල්වලම තියෙනවා වගේ මෙරටේත් ප්‍රශ්ණ තියෙනවා. නමුත් ශ්‍රිලංකාවට ඒවා ජයගන්න හැකියාව පවතිනවා. අපි කරන්න ඕනේ අවශ්‍යතාවයන් හදුනාගෙන් ඒවාට අවශ්‍ය විසදුම් සොයාගැනීම. අපට පුළුවන් සුළු ප්‍රමාණයෙන් වුනත් අපි වීදි සුනඛයන්ට උපකාර කරන්න ඕනේ. අපගේ උදව් අවශ්‍යවන සතුන් නොසිටින බවට අපටත් අනිකුත් සංවිධන වලටත් දැනෙන තුරු අපි මේ සම්බන්දයෙන් කටයුතු කල යුතු වෙනවා. භාරකරුවන් හා රැකවලුන් මිලියන 20ක් වෙසෙන කොට කිසිම සතෙකු විදිවිය යුතු නැහැ.

 

http://life.dailymirror.lk ඇසුරෙන්/චින්තිකා මිතිලායා ගමගේ