ලංසගේ රට ගිය කථාව කොන්ත්‍රාත්කාරයන්ගෙන් බේරෙන්න කරපු උප්පරවැට්ටියක්ද ?

0
84

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ  සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත  කලකිරුණු කිහිපදෙනෙකුද  ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  මාස තුනක කාලයක් සඳහා  ජපානයට  ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේ යැයි ලංකාදිප වෙබ් අඩවියද වාර්තා කර තිබුණි.

නම සදහන් කිරිමට අකමැති මිගමුවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ ඇමති නිමල් ලංසා‌ රට ගිය සහ , රට යන බව කියන කතා කොන්ත්‍රාත්කුරුවන්ට සල්ලි ගෙවිම මගහැරිමට කරන තවත් උපක්‍රමයක්දැයි යන සැකයක්ද ඇති බවය.

වෙන්කර ඇති මුදල් වලට වඩා මුදල් වියදම් කිරිමත් සමගින් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවිමට ගැටළු මතව ඇති බවද ඇමතිවරයාට සමිප ආරාංචි මාර්ග විසින් පවා දක්වා සිටින බවද සැලය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here