ලංසලාගේ බඩියන් පෝරුතොට වත්තක ඇටවු කානිවල් එකත් හබක් !

0
98

ලංසා පවුලේ පාලනය හමාර බව තවමත් තේරුම් නොගත් පිරිසක් විසින් මිට පෙර උත්සාහ කර තිබුනේ නිසි ආකාරයෙන් අදාල සියළු තැන්වල අවසරය නොගෙන පෝරුතොට වැල්ලේ කානිවල් එකක් සංවිධානය කිරිමටය.
ප්‍රදේශවාසින්ගෙන් මෙන්ම මාධ්‍ය හරහා අප මතුකිරිම්ද පසුබිම් කරගෙන කෙසේ හෝ මේ නිතිවිරෝධි කානිවල් එක සහ ෆුඩ් පෙස්ටිවල් එක පොලිසිය මැදිහත්වි නවතා දමා තිබුණි.

පසුව යළිත් වරක් පෝරුතොට පැත්තේ වත්තක මේ කානිවල් එක අටවා තිබුනේ දෙසැ 18 වෙනිදා සිට 23 දක්වා ක්‍රියාත්මක කිරිමටය.
නගර සභාවට මේ ගැන කිසිදු දැනුම් දිමක් හෝ කර තිබුනේ නැත.

කෙසේ වෙතත් ප්‍රදේශවාසින් මෙන්ම මිපුර වෙබ් අඩවිය ද මේ ගැන සටහන් කර තිබිමෙන් පසු දෙවන වරටද මෙම කානිවල් එක 20 වනදා සවස් වරුවේදි නවතා දමා තිබුණි.

මේවා සංවිධානය කර තිබුනේ මිගමු නගර සභාවට ලංසලාගෙන් දේශපාලන පත්විම් ලැබ පැමිණ සිටි සේවක පිරිසකි

ඔවුන් මෙවර නත්තලටද කල්පනා කරන්නට ඇත්තේ දශකයක් පුරාවට කළ වංචා දුෂණ මෙවර නත්තලේදි ගාන කපා ගැනිම වෙනුවෙන් කරගෙන යාමට හැකි බවය.
ටවුමේ නිති විරෝධි කඩ කිපයක් හදන්නට මුල්ව තිබුනේ ලංසාලාගේ දේශපාලන පත්විම් ලැබු නගර සභාවේ සේවකයන් පිරිසකි.
එහෙත් නාගරික කොමසාරිස්වරිය තදින් සිටියාය. මේ කඩ හදපු දාම කඩා දැමුණි

දැන් ක්‍රියාත්මක වන්නේ පළාත් පාලන නීතිය මිස ලංසා පවුලේ නීතිය නොවන බව මේ කව්රුත් දැන් තේරුම්ගත යුතුව තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here