ලංසා පවුලත් සමග ඩීල් දැමු කාවින්දගේ දේශපාලනය අවසන් ? ජනබලවේගයෙන් මීගමුවට කෙලින් මිනිහෙක් !

0
104

Dr.hendryමීගමු දේශපාලනය දැන් උඩු යටිකුරු වෙමින් තිබේ. වසර ගණනාවක් තිස්සේ වැල්ලවිදියේ ලංසා පවුලේ දේශපාලන සමගින් කෙලින් හැප්පුන උගත් වෛද්‍යවරයෙක් දැන් සටනට පිවිස තිබේ.
ඒ ජන බලවේගයෙනි.
එජාප නායක රනිල් වික්‍රමසිංහවත් පාවා දි සජිත් තුරුල්ලට ගිය කාවින්ද කිසිදිනක අතහැරිය නැති එක දේශපාලන පවුලක් සිටි.
ඒ ලං සා පවුලයි.
ඒ අයත් සමගින් කොයිතරම් නම් සමිපදැයි කියන්නේ නම් ඒ මිගමුව නගරාධිපති දයාන් ලංසා යනු කාවින්ද ජයවර්ධනගේ රාත්‍රි මිතුරාද විය.
තතු එසේව තිබියදි දැන් මිගමුව තුල සැබැ දේශපාලන සටනක් සදහා අළුත් පොළවක් නිර්මාණය වෙමින් තිබේ.
ඒ පොළව තුල මිගමුට සැබෑ ජනතා නියෝජිතයෙකු පත්කරගැනිමට අලුත් ඉඩ කඩක් නිර්මාණය වෙමින් තිබේ.
එකි නියෝජිතයා ලංසා පවුලේ දේශපාලනයට අභියෝග කළ හැකි කෙලින් මිනිහෙක් විය යුතුය.
දොස්තර හෙන්රි රොසයිරෝ යනු එවන් කෙලින් මිනිසෙකි.