ලංසා පවුලේ කළු සල්ලිවලින් මීගමුවේ එජාප ඡන්ද කැඩිමේ කුමන්ත්‍රණයක් !

0
29

NImal-lansa-10ලංසා පවුලට මේ මොහොතේ අංක එකට වැදගත් වන්නේ සිය කළු සල්ලි ආරක්ෂා කොට ගෙන ඒ සියළු ජවාරම් ව්‍යාපාරය ටික ඉදිරියට ගෙනයාමටය.
එබැවින් රු කෝටි ගණනින් හෝ මුදල් යොදවා මේ ජාවාරම් කරගෙන යාහැකි පසුබිමක් මීගමුවේ දිගටම පවත්වාගෙන යාමට ඔවුන් දැන් අරඅදිමින් සිටිති.
මේ සදහා දැන් ක්‍රියාත්මක අළුත්ම මෙහෙයුම වි ඇත්තේ එජාපයේ කළු බැටලුවන් පිරිසක්ද අල්ලාලෙන එජාප විකල්ප කණ්ඩායම යැයි එකක් අටවා ඒ මගින් ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කොට එජාපයේ ඡන්ද කැඩිමය.
මේ සැලැස්ම අප විසින් හෙළිකර සිටියේ 2015 ආරම්භයේ සිටමය.
ඒ සදහා ගම්පහ දිස්ත්‍රික් එජාප තරුණ මන්ත්‍රිවරයෙකුද හවුල්ය. මේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලට මීගමුව තුල නායකත්වය දෙනු ලබන්නේ ජනතා පදනමක් නැති දේශපාලනිකව එතරම් ප්‍රසිද්ධියක්ද නැති එහෙත් එදා පටන්ම මීගමුවේ ප්‍රධාන එජාප බලවේගයට එරෙහිව කටයුතු කළ ප්‍රදිප් පිරිස්ය..
ඔහු මීගමුවෙ ඇතැම් කණ්ඩායම් අතර වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ හනුමා ලෙසය.
ඒ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් ඒ නමින් පැවැතිම නිසාය.
මේ අය විසින් මේ දිනවල විවිධ කොට්ටාශ වලට ගොස් තමන් විසින් යොදන්නට යන ස්වාධින කණ්ඩායම යටතේ තරග කරන්නට යැයි ඉල්ලා සිට ඇති බව විවිධ ප්‍රදේශවලින් වාර්ථා වේ.
කලකට ඉහතදි  ඇමති නිමල් ලංසාගේ ඡන්මාන්තර වෛරක්කාරයෙකු ලෙස පෙනි සිටි ඔහුට ගරු නගරාධිපතිතුමා යැයි කිමට නොහැකි නිසා මහනගර සභාවේ මාසික රැස්විම්වලට පවා ඒම ප්‍රතික්ෂේප කර සිටි එජාප හිටපු නාගරි  මන්ත්‍රිවරයෙකුද ඇමති ලංසා හා එක්ව මේ ක්‍රමන්ත්‍රණයේ  සිටින බව සැලය.