ලංසා පවුලේ කුමන්ත්‍රණ සැලැස්මට මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් අහුවෙලාද ?

0
49

SLFP NGB 1මීගමුව ශ්‍රිලනිප සංවිධායකධුරය මෙවර හිමිවුයේ මීගමුවේ පවතින අතිප්‍රබල සහ සංකිර්ණ දේශපාලන වතාවරණය  කළමණාකරණය කර ගැනිම සදහා වන අත්දැකිම් බහුල අයෙකුට නොවේ.
හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රබල උදහසකට ලක්ව සිටින නිමල් ලංසාට කිසිදු ඉඩක් ශ්‍රිලනිපය තුල නොදෙමින් මේ මීගමුව සංවිධායක ධුරය ලලිත් ටෙන්සිල් හට ලබාදිමට කටයුතු කර තිබුනේ චන්ද්‍රිකා මැතිණිය විසිනි.
ලංසා පවුලෙන් ගිලිහුණු ශ්‍රිලනිප බලකේන්ද්‍රය වෙනත් ආකාරයකට පාලනය කිරිම සදහා සැලැස්මක් ලංසා පවුල විසින් ක්‍රියාත්මක කරන්නට පියවර ගන්නේ මේ පසුබිම තුලය.ඇමති ලංසාගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටි ඔස්මන් යන අයෙකු ලලිත් ඩෙන්සිල් වෙතට යොමු කරවන්නේද මේ සැලැස්ම තුල විය යුතුය.
මීගමුව බිච් පාක් හි ඇති ද බෝට් නම්වු අවන්හලේදි රාත්‍රි භෝජන සංග්‍රහයක් සදහා ලලිත් ටෙන්සිල්ට පසුගිය දිනක ආරාධනා කර තිබුනේ දයාන් ලංසා විසිනි.
ලලිත් ටෙන්සිල්ට හිතවත් අයෙකු ලෙස සිටින ජුඩ් නැමැත්තෙකු විසින් බිච් පාක් වෙනුවෙන් යොදා ඇති ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රය ඉවත් කරගැනිම ඇතුළු තවත් දැ මේ රාත්‍රි භෝජන න්‍යාය පත්‍රය තුල තිබුණා විය යුතුය.
එමෙන්ම පසුගිය දිනකදි පෙරියමුල්ල ප්‍රදේශයේදි පැවැති රැස්විමකදි ලලිත් ටෙන්සිල් විසින් ඇමති නිමල් ලංසා පිළිබදව දිර්ඝ වර්ණනාවක් කර තිබුණු බවද සැලය.
මේ සියල්ල අප විසින් මිට කලින්ම හෙළිකරන්නට යෙදුන දෑ වල ප්‍රතිඵල නොවේදැයි මීගමුව තුල දේශපාලන උනන්දුවකින් සිටින අය ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.